අද (05) පෙරවරු 07.00 සිට කොළඹ නිදහස් මාවත ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්...
අද (05) පෙරවරු 07.00 සිට කොළඹ නිදහස් මාවත ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේව මහතාගේ අවසන් කටයුතු අද දින සිදුකිරීමට නියමිත බැවින් හා ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි.
ඒ අනූව අද පෙරවරුවේ සිට පස්වරුව දක්වා නිදහස් මාවත අවට මාර්ගවල මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
අවසර ලත් රථවාහනවලට පමණක් නිදහස් මාවතෙන් ඇතුළු කරන අතර අනෙකු වාහන විකල්ප මාර්ග භාවිතා කළ යුතුය.
එසේම මෙම උත්සවයේ මහජන රථ ගාල් වශයෙන් ආනන්ද කුමාරස්වාමි මාවත, රාජකීය මාවත, ග්‍රෙගරි පාර, එෆ්.ආර් සේනානායක මාවත, මෙට්ලන්ඩ් පෙදෙස, ජාතික රූපවාහිනි භූමිය, නිදහස් ආකේඩ් භූමිය, පදනම් ආයතන පෙදෙස, පාපන්දු සම්මේලනය, තුරඟ තරඟ පිටියේ රථගාල, මලලසේකර මාවත, ටොරින්ටන්, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී රථාගල වෙන්කර ඇත.
වීඩියෝව පහතින්
COMMENTS