රවී කරුණානායක මහතා බැඳුම්කර වාර්තාව සංශෝධනය කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ...
රවී කරුණානායක මහතා බැඳුම්කර වාර්තාව සංශෝධනය කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“රවී කරුණානායක ඇමතිතුමා කියලා තියෙනවා කාට නැති වුණත් මට වාර්තාවේ පිටපතක් ලැබුණා කියලා. වාර්තාවේ තියෙන දේවල් ගොඩක් වැරදියි, ඒකයි වාර්තාව එළියට දාන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ මේ දවස්වල රවී ඇන්ඩ් කම්පැනි නිදි මරාගෙන වාර්තාව සංශෝධනය කරමින් ඉන්නවා. තමාට අවාසිදායක කොටස් ටික වාර්තාවෙන් ඉවත් කරන්න. ජනාධිපතිතුමනි, වාර්තාව එළියට දැම්මේ නැත්තම්, විත්තිකාරයින්ට ඊට කලින් වාර්තාව දීලා උන්ට ඕනේ විදියට වාර්තාව වෙනස් කළා නම්, ඒ වාර්තාව කුණු බක්කියට දාන්න. පාර්ලිමේන්තුවට එහෙම වාර්තාවක් නොලැබුණාට කම් නනැහැයි කියලා අපි සිහිපත් කරනවා.”
COMMENTS