දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැලසුම්සහගත කුමන්ත්‍රණයක් ගැන එස්.බී හෙළිකරයි (VIDEO)
Homeප්‍රවෘත්ති

සැලසුම්සහගත කුමන්ත්‍රණයක් ගැන එස්.බී හෙළිකරයි (VIDEO)

PropellerAds

හමුදා කුමන්ත්‍රණයක් සිදුවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ ඉතා බරපතළ ප්‍රකාශය මහත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ...

අජිත් - විජේදාස ගැටුම තවත් උණුසුම් වේ. [Video]
උතුරු කොරියාවට දැඩි සම්බාධක !
ශ්‍රී ලංකා ක්‍රිකට් නරක මිනිසුන් අතේ - අර්ජුණ
සැලසුම්සහගත කුමන්ත්‍රණයක් ගැන එස්.බී හෙළිකරයි (VIDEO)

හමුදා කුමන්ත්‍රණයක් සිදුවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සිදුකළ ඉතා බරපතළ ප්‍රකාශය මහත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් එය සැලසුම්සහගත කුමන්ත්‍රණයක පළමු වෙඩිල්ල බවත් සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) කොළඹ, බත්තරමුල්ල, සෙත්සිරිපාය 02 පියවර පිහිටි සිය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

ලෝකයේ ගෞරවණීය සහ ආදර්ශමත් යුද හමුදාවක් ලෙස කීර්තිය ලබා ඇති ශ්‍රී ලංකාවේ හමුදාව කුමන්ත්‍රණයක් සිදුකරාවි යැයි රජයත්, තමාත් කිසිලෙසකින්වත් කිසිවිටෙකවත් නොසිතන බව එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"එදා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ අය වැය දෙවැනි වර කියවීමේ ඡන්දය පැවැත් වූ දිනයයි. ඒ සඳහා වාද විවාදය පැවැති අවස්ථාවේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ, නොසිතූ මහා භයානක බරපතළ ප්‍රකාශයක් මහජන එක්සත් පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. එතුමා අපේ රටේ හමුදා කුමන්ත්‍රණයක් ඇති වෙයි කියා ප්‍රකාශ කළා.

මෙය ඉතාම බරපතළ භයානක ප්‍රකාශයක් කියා මම නැවත වරක් කියන්න කැමැතියි. මේවාගේ සැලසුම්සහගත භයානක ප්‍රකාශවලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මා අමුතුවෙන් ඔබට පැහැදිලි කළ යුතු වන්නේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ප්‍රධාන එකමුතුවෙන් මේ වනවිට රටේ පාලනය ගෙනියනවා. ඉතාම අභියෝගකාරී කටයුත්තක් තමයි මේ අන්දමේ පාලනයක් ඉදිරියට ‍සාර්ථකව ගෙනයෑම. කොතරම් අභියෝගාත්මක දෙයක් වූවත් අපි ශක්තිමත් ආණ්ඩුවක් කරගෙන යනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඉතාම බරපතළ ප්‍රකාශයක් සිදුකළා. ඒ තමයි හමුදා කුමන්ත්‍රණයක් සිදුවීම ගැන. එය අපේ රටේ ගෞරවණීය, ශිෂ්ටසම්පන්න, නීතිගරුක හමුදාවට කළ ලොකුම අපහාසයයි. අපේ හමුදාවක් තරම් විනයගරුක හමුදාවක්, ඒවාගේම ඔවුන්ගේ දක්ෂ, එඩිතර සැලසුම්සහගත ක්‍රියාන්විත දැනුම ලබාගැනීමට මුළු ලෝකයේම කැමැත්ත පළ වී තිබෙනවා. ඒවාගේ හමුදාවක් කුමන්ත්‍රණයක් කරයි කියා ප්‍රකාශ කිරීම ඉතාම පිළිකුලෙන් යුතුව අපි හෙළා දකිනවා. මේ ප්‍රකාශවලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ නැවත රට, ජාති, ආගම්, කුල හා වෙනත් බේදවලින් විනාශය කරා ගෙන යන්නටයි"යනුවෙන් කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැලසුම්සහගත කුමන්ත්‍රණයක් ගැන එස්.බී හෙළිකරයි (VIDEO)
සැලසුම්සහගත කුමන්ත්‍රණයක් ගැන එස්.බී හෙළිකරයි (VIDEO)
http://ift.tt/2g8lU0C
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/video_32.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/video_32.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy