මෙම අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා වෙත ලිඛිතව කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා පවසයි. මෙම තත්වය සමනය කිරී...
මෙම අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා වෙත ලිඛිතව කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා පවසයි. මෙම තත්වය සමනය කිරීම සඳහා අතුරු කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා තමන් සූදානම් බව ද අර්ජුණ රණතුංග මහතා අවධාරණය කරයි. එවැනි ක්‍රමවේදයක් ඔස්සේ හෝ ක්‍රිකට් ගොඩගැනීම කටයුතු කළයුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ක්‍රීඩකයන්ට නිසි මගපෙන්වීමක් නොමැති බවත් රණතුංග මහතා පවසයි. මේ නිසා සිදුවන්නේ ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය අඳුරු වීම බව ද ඔහු අවධාරණය කරයි.
COMMENTS