බිංගිරියේ සිට ඌරාපොත්ත හාරහා තිස්සෝගම දක්වා වන මාර්ගයේ කොළමුණු ඔය හරහා ඇති පාලම වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා කඩා වැටීමේ අවධාන...
බිංගිරියේ සිට ඌරාපොත්ත හාරහා තිස්සෝගම දක්වා වන මාර්ගයේ කොළමුණු ඔය හරහා ඇති පාලම වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
අතීතයේදී ඉවක් බවක් නොමැතිව දැදැරුඔයේ සිට බිංගිරිය හරහා වැලි ප්‍රවාහනය කරන බර වාහන ගමන් කිරීම නිසා මෙම පාලම අබලන්වීමට පටන්ගත් බවට ඔවුන් චෝදනා කරයි.
ගෙවී ගිය වසර 08ක පමණ කාලය පුරාවට අවස්ථා කිහිපයකදීම මෙම පාලම අබලන්වී ගමනාගමනයට අපහසු තත්තවයට පත්වූ බවත් ඒ පිළිබඳව වගකිව යුත්තන්ට දැනුම්දුන්විට ඔවුන් ඊට තාවකාලික පිළියම් පමණක් යෙදූ බවත් ඔවුන් කියාසිටියේය.
පසුගිය මැයි මාසයේ පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන්ද මෙම පාලම දැඩි ලෙස අබලන් වූ බවත් එවිට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබුවේ වැලි පිරවූ බැරල් යොදා පාලමේ ඉවුර තාවකාලිකව ආරක්ෂා කිරීම පමණක් බව කී ප්‍රදේශවාසීන් මේ වනවිට පාලම එක් ස්ථානයකින් පුපුරා ඇති බැවින් කඩා වැටීමේ වැඩි අවධානමක් ඇති බවද පැවසීය.
කෙසේවෙතත් මේ වනවිට මෙම පාලම මතින් බර වාහන ගමන් කිරීම තහනම් කර ඇත.
නමුත් හලාවත සිට බිංගිරිය - ඌරාපොත්ත හරහා තිස්සෝගම දක්වා ගමන් කරන ලංගම බස් රථය පමණක් මෙම පාලම මතින් ගමන් කරයි.
යම් හෙයකින් පාලම බිඳ වැටුනහොත් එම මගී ප්‍රවාහන සේවයද ඇණ හිටින බව ප්‍රදේශවාසීන් පවසයි.
ඡායාරූප පහතින්.
පුත්තලම - ජූඩ් සමන්ත
COMMENTS