ජාතිවාදී ස්වරූපයෙන් අදහස් ප්‍රකාශ කරමින් ජාතිවාදය වපුරන යහපාලන රජයේ ඇමතිවරුන් වහාම එම අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට යහපාලන රජය පියවර ගතයුතු...
ජාතිවාදී ස්වරූපයෙන් අදහස් ප්‍රකාශ කරමින් ජාතිවාදය වපුරන යහපාලන රජයේ ඇමතිවරුන් වහාම එම අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට යහපාලන රජය පියවර ගතයුතු යැයි නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය හාෆිස් නසීර් අහමද් මහතා පැවසීය.
පසුගිය 09 වැනිදා මඩකලපුව, කල්කුඩා ප්‍රදේශයේ පැවති සංවර්ධන ව්‍යාපෘතියක සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සුළු ජනතාවගේ අයිතිවාසිකම් ඉටුකර දිය යුතුයි කියන ස්ථාවරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කටයුතු කරගෙන යන මොහොතක යහපාලන රජයේම ඇතැම් ඇමතිවරුන් ජාතිවාදය වපුරන ආකාරයේ ප්‍රකාශයන් කරනවා.
සුළු ජාතීන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද සහිතව බියෙන් තොරව ජීවත්විය හැකි කාලයක් උදාවේ යැයි යන විශ්වාසය මත යහපාලන රජයට ඡන්දය දුන්නා. බහුතර සුළු ජාතික ජනතාවගේ ඡන්දයක් හිමිවීම නිසාම ජාත්‍යන්තරයත් යහපාලන රජය පිළිබඳ තෘප්තිමක් භාවයක් දැක්වූවා.
මේ තත්ත්වය මැද යහපාලන ආණ්ඩුවේ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකු ජාතිවාදය වපුරන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කර තිබුණා. මේ තුළින් ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත්වන බව එවන් අමාත්‍යවරුන් දැනගත යුතුයි.
මේ ආකාරයෙන් ජාතිවාදී හැඟීමෙන් කටයුතු කරන ඇමතිවරුන් යහපාලන රජයේ තබා ගැනීම යහපාලන සම්බන්ධයෙන් ජනතාව තබා ඇති විශ්වාසය බිඳී යාමක් බැවින් එවන් ඇමතිවරුන් කඩිනමින් රජයෙන් ඉවත් කිරීමට පියවර ගතයුතුයි. ජාතිවාදය වපුරවන අනෙක් මැති ඇමතිවරුන්ටත් ඒක හොඳ පාඩමක් වේවී යනුවෙනි.
COMMENTS