උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ සිසුන් සිංහල භාෂාවත්, සිංහල සිසුන් දෙමළ භාෂාවත් ඉගෙන ගැනීම අනිවාර්ය කිරීමට පළාත් සභා පනතක් ගෙන එන බව උතුරු පළාත්...
උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ සිසුන් සිංහල භාෂාවත්, සිංහල සිසුන් දෙමළ භාෂාවත් ඉගෙන ගැනීම අනිවාර්ය කිරීමට පළාත් සභා පනතක් ගෙන එන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරම් පවසයි.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ යාපනය නල්ලූර් හින්දු විද්‍යාලයේ 14 දා පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයක් අමතමිනි.
සිංහල හා දෙමළ යන භාෂාවන් දෙකම රාජ්‍ය භාෂාවන් බැවින් උතුරු නැගෙනහිර සිංහල රජයේ සේවකයින්ට දෙමළ භාෂවත්, දෙමළ සේවකයින්ට සිංහල භාෂාවත් ඉගෙන ගැනීම අනිවාර්ය කිරීමට පළාත් සභා මගින් නීතිරීති පනවන බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ සිංහල හා දෙමළ භාෂා දෙකම දැනගෙන සිටීම සංහිදියාව වර්ධනය වීමකට වඩා ඉතා ඉහල රැකියා කරමින් රටතුළ ජීවත් වීමට පහසු තත්ත්වයක් ඇති කරණ බවයි.
ශ්‍රී ලංකාවේ සිසුන් රටතුළ ක්‍රියාත්මක භාෂාවන් අතහැර දමා ප්‍රංශ, රුසියන්, චීන වැනි විදේශ භාෂාවන් ඉගෙන ගැනීමට වැඩි ප්‍රවණතාවක් දක්වන බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා රටතුළ ක්‍රියාත්මක වන භාෂාවන් නොදන්නාකමින් සිංහල දෙමළ වැසියන් අතර සැකය හා අවිශ්වාසය ඉස්මතු වන බවද පෙන්වා දුන්නේය.
දිනසේන රතුගමගේ
COMMENTS