අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තවදුරටත් ස්වාධීන කිරීම සඳහා විමර්ශන සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශ්වවිද්‍යාල මට්ටමින් බඳවා ගැනීම් සිදුකිරීමට ...
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තවදුරටත් ස්වාධීන කිරීම සඳහා විමර්ශන සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශ්වවිද්‍යාල මට්ටමින් බඳවා ගැනීම් සිදුකිරීමට අවධානය යොමුව ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසම පවසයි.
එම කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා කියාසිටියේ එලෙස විශ්වවිද්‍යාලවලින් බඳවා ගැනීම් පිළිබඳ යෝජනාව මේ වනවිටත් රජයට ඉදිරිපත් කර තිබෙන බවයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පැවැති උත්සවයකදීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙහි මේ වනවිට විමර්ශන කටයුතුවල නිරත වන්නේ පොලිස් නිලධාරීන්ය.
COMMENTS