හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පක්‍ෂයේ නායකත්වය බාර ගනු ලැබුවහොත් ඔහු සමඟ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරු රැසක්...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පක්‍ෂයේ නායකත්වය බාර ගනු ලැබුවහොත් ඔහු සමඟ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරු රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක් වී ආණ්‌ඩුවට සහයෝගය දැක්‌වීමට එකඟතාව පළ කර තිබෙන බව ශ්‍රීලනිප තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්‌ඩාර මහතා පවසයි.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම යටතේ නව පක්‍ෂය පිහිටුවා තිබෙන බවත් ඊට ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරු බහුතරයක් මේ වන විට දැඩි විරෝධය පළ කර තිබෙන බව ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමේ අරමුණින් පොදු ජන පෙරමුණ පිහිටුවා ගෙන තිබෙන බවත් එම නිසා ඉහත මන්ත්‍රීවරු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක් වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්‌තිමත් කිරීමට කැප වන බවට පසුගියදා පැවැති සාකච්ඡාවකදී ඔවුන් එකඟතාව පළ කළ බව ශාන්ත බණ්‌ඩාර මහතා පැවසීය.
මේ අනුව ඉදිරියේ දී පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සිටින මහජන නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්‌තිමත් කිරීමේ වැඩපිළිවෙළට එක්‌කර ගැනීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් කීය.
COMMENTS