මීගමුව මහ රෝහලේ කායික රෝග අංශයට ඊයේ දිනයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් සඳහා කල කොරෝනා පරීක්ෂණ වලින් 80%ක්ම ආසාදිතයන්...
මීගමුව මහ රෝහලේ කායික රෝග අංශයට ඊයේ දිනයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් සඳහා කල කොරෝනා පරීක්ෂණ වලින් 80%ක්ම ආසාදිතයන් දැයි හඳුනා ගෙන තිබේ.
මෙය ඉතාමත් දරුණු අවදානම් සහගත තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
තත්ත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි දෙසතිය තුළ අනපේක්ෂිත ලෙස කොරෝනා ආසාදිතයන් සීග්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියි.
මෙම අවදානම් සහගත තත්වය නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය කඩාවැටීමේ තත්ත්වයක් නිර්මාණය වන බවත් එම තත්වය මග හරවා ගැනීමට වහා සැළසුම් සකස් කළ යුතු ඇති බවත් ඔහු කියා සිටියේය.
දැනට එම දිස්ත්‍රික්කයේ සිටින අවදානම් අඩු කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැඳවීම සුදුසු බවද ඒ මසහතා පෙන්වා දෙයි.
මෙම අවදානම් සහගත තත්ත්වය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.
COMMENTS