මුව ආවරණ නො පැලඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතු බවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න...
මුව ආවරණ නො පැලඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතු බවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මූලස්ථාන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ ආකාරයෙන්ම පුද්ගලයන් ඔසවාගෙන යාමේදී ඔවුන් අතර ආසාදිතයකු සිටියහොත් පොලිස් නිලධාරීන්ට ද එය ආසාදනය වීමට අවදානමක් ඇති නිසා මෙම පියවර ගත් ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එසේම මෙලෙස අත්අඩංගුවට ගන්නා පිරිස එකම රථයක් තුළ එක්රැස් කිරීමෙන් තවත් පිරිසකට ඒ ආසාදනය වීමේ හැකියාවක් ඇති බවටද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයෙන් සඳහන් වෙයි.
මින් ඉදිරියට මුව ආවරණ නොමැතිව තැන තැන රැඳී සිටින පුද්ගලයන් ඔසවා ගෙන නොයන ලෙසටත්, අත්අඩංගුවට ගන්නා පිරිස් එකම රථයක එක්රැස් නොකරන ලෙසටත් පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.
ඊයේ 253ක් නිරෝධායන නීති කඩලා
මේ අතර, නිරෝධායන නීති රීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (14) පොලිසිය විසින් පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට නිරෝධායන නීති රීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 9,282 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහානා කියයි.
පොලිසිය බස්නාහිර පළාතේ පිටවීමේ හා පිවිසුම් ස්ථාන 14 ක විශේෂ මෙහෙයුමක් සිදු කර ඇති අතර අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් මගීන් 3,634 ක් ඇතුළු වාහන 1,967 ක් එහිදී පරීක්ෂා කර තිබේ.
මූලාශය - ලංකාදීප
COMMENTS