පොලිස් කොස්තාපල්වරුන් පොලිස් සැරයන් තනතුරට උසස් කිරීම සදහා පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණයේදී තමන්ට දැඩි අසාධාරණයක් සිදු වීමට ඉඩ ඇති බව ...
පොලිස් කොස්තාපල්වරුන් පොලිස් සැරයන් තනතුරට උසස් කිරීම සදහා පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණයේදී තමන්ට දැඩි අසාධාරණයක් සිදු වීමට ඉඩ ඇති බව උප සේවයේ සිට නිත්‍ය සේවයට අන්තර් ග්‍රහණය කරන ලද පොලිස් කොස්තාපල්වරුන් පවසයි.
උප සේවා නිලධාරීන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ සියළුම නිලධාරීන්ව 2006 පෙබරවාරි මස 1 වැනිදා සිට නිත්‍ය සේවයට අන්තර් ග්‍රහණය කර තිබේ.
උප සේවා නිලධාරියෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ සේවය කරන ලද කාලය ද නිත්‍ය සේවා කාලයට එක් කරන බව, අන්තර්ග්‍රහණය කළ අවස්ථාවේ ලබා දී ඇති පත්වීම් ලිපියේ සඳහන් බව මොවුන් පවසන අතර මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුව තුළ සේවය කරන බහුතරයක් උප සේවා නිලධාරීන් ලෙස සේවයට එක්වූවන් වේ.
සාමාන්‍යයෙන් වසර 10 කට වැඩි කාලයක් පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ විට පොලිස් සැරයන් තනතුරට උසස් කිරීම සිදුවේ.
පසුගිය කාලයේ නියමිත සේවා කාලය සම්පුර්ණ කර සිටි පොලිස් කොස්තාපල්වරුන්ව කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇති බව වාර්තා වේ.
නියමිත සේවා කාලය සම්පුර්ණ කර ඇති පොලිස් කොස්තාපල්වරුන්ව සැරයන් තනතුර දක්වා උසස් කිරීම සදහා වන සම්මුඛ පරීක්ෂණ ඉදිරි දින කීපය තුළ පැවැත්වීමටයි නියමිතව ඇති අතර එහිදී තමන් විසින් දෙපාර්තමේන්තුව තුළ උප සේවා නිලධාරීන් ලෙස සේවය කළ කාලය සදහා ලබා දීමට නියමිතව ඇත්තේ වසරකට ලකුණු භාගයක් බව, උප සේවයේ සිට නිත්‍ය සේවයට අන්තර් ග්‍රහනය වී ඇති නිලධාරීන් තවදුරටත් සඳහන් කර සිටී.
කොස්තාපල්වරුන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ තමන්ට වසර ගණනාවක සේවා කාලයකින් පසුව කොස්තාපල්වරයකු ලෙසම විශ්‍රාම යාමට සිදු වුවහොත් එය බලවත් අසාධාරණයක් බව ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.
පුත්තලම - ජූඩ් සමන්ත
COMMENTS