දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිගේ වෙබ් අඩවියට ISIS ත්‍රස්‌තයෙක්‌ අතුල වෙලා.
Homeප්‍රවෘත්ති

ජනාධිපතිගේ වෙබ් අඩවියට ISIS ත්‍රස්‌තයෙක්‌ අතුල වෙලා.

PropellerAds

2016 අගෝස්‌තු 29 වැනි දින මෙරට තුළ මහත් ආන්දොaලනයකට තුඩුදුන් පුවතක්‌ මැවීමට 17 හැවිරිදි පාසල් සිසුවෙකු සමත් විය. මහනුවර ප්‍රදේශයේ උපන් ගය...

ඇල්පිටිය පරාජය නිසා තොණ්ඩමන් ආපසු හැරේ.. ගෝටාභය හා එක්වෙයි..
ගිනිඅවි හා බෝම්බ එක්ක හිටපු LTTE සාමාජිකයෙකු අත්අඩංගුවට
යහපාලන දුෂණ වංචා වාර්තාව ජනපති අතට.. සජිත්, අකිල, කිරිඇල්ල නම් සහිතයි..

2016 අගෝස්‌තු 29 වැනි දින මෙරට තුළ මහත් ආන්දොaලනයකට තුඩුදුන් පුවතක්‌ මැවීමට 17 හැවිරිදි පාසල් සිසුවෙකු සමත් විය. මහනුවර ප්‍රදේශයේ උපන් ගයාන් උපශාන්ත නමැති තරුණයා විසින් සිදු කළ එම ආන්දොaලනාත්මක ක්‍රියාව වී තිබුණේ නිත්‍යානුකූල නොවන අයුරින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට ඇතුල්වී එහි දත්තයන් වෙනස්‌ කිරීමය.

මේ වන විට අදාලළචෝදනාවට සැකකාර ගයාන් උපශාන්තට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා තිබෙන අතර ඉකුත් දිනක කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ නඩුව අඬගසන ලදී.

එහිදී තම සේවාලාභියා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට රිංගා ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ 17 හැවිරිදි ගයාන් උපශාන්ත නොව අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් බවය. ගයාන් උපශාන්ත නමැති තරුණයා අධිකරණයට ඉදිරිපත් කොට ඇපපිට නිදහස්‌ව ඇතත් සත්‍ය තත්ත්වය වන්නේ බංගලාදේශයේ සිට ක්‍රියාත්මක අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් විසින් ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියේ දොරටු විවර කර ඇති බවය. 

"මරුසිරා" www.marusira.com නමැති වෙබ් අඩවියක්‌ පවත්වාගෙන යමින් 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 02 සිට 10 දක්‌වා වූ වගන්ති වල සඳහන් වැරදි එනම්, ප්‍රධාන වශයෙන් වෙනත් යම් තැනැත්තකුගේ පරිගණකයකට හෝ දත්ත ගබඩාවකට නීත්‍යානුකුල නොවන ආකාරයකට ප්‍රවේශයක්‌ සිදු කළා යයි මහනුවර ප්‍රදේශයේ පදිංචි ගයාන් උපශාන්ත නමැත්තාට එරෙහිව තිබු නඩුව කොළඹ ප්‍රධාන මහේස්‌ත්‍රාත්වරයා ඉදිරියේ අඬගසන ලද අවස්‌ථාවේදී ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

"මගේ සේවාලාභියා මෙරට උපන් අති විශිෂ්ට පරිගණක ක්‍රියාකරුවෙක්‌. ඔහුගේ පරිගණක දැනුම ඔහු විසින්ම අවබෝධ කරගත් දැනුමකි. ඒ අනුව, ඔහු පරිගණක ක්‍රියාකාරිත්වය සම්බන්ධව ලෝකයේම පිළිගත් විශිෂ්ටයෙකි. ඔහු "මරුසිරා" www.marusira.com නමින් වෙබ් අඩවියක්‌ පවත්වාගෙන යමින් මෙරට පවත්නා වෙබ් අඩවිවලට තම වෙබ් අඩවි ආරක්‌ෂා කරගැනීම, හැකර්වරුන්ගෙන් ආරක්‌ෂා වීම සඳහා නොමිලයේ පාඨමාලා මෙම වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කර තිබෙනවා. එම වෙබ් අඩවියේ ඇතුළත් එක්‌ ලිපියක අන්තර්ගත කරුණු මා මෙසේ ඉදිරිපත් කරනවා. එහි තිබෙන්නේ -ඇන්ටිවයිරස්‌ කොහොමද වැඩ කරන්නේ. ඔහු ඇන්ටිවයිරස්‌ පිළිබඳව මේ ලිපිය මගින් දැනුම බෙදාහැර තිබෙනවා. මොහුගේ අරමුණ මෙරටේ තරුණ තරුණියන්ට එම දැනුම ඇති විශේෂඥයන් බවට පත්කිරීමයි. මොහුගේ පරිගණක පාඨමාලා, පරිගණක දත්ත පිළිබඳ දැනුම සම්බන්ධයෙන් ෆේස්‌බුක්‌ නැතහොත් මුහුණු පොතේ ප්‍රධාන ඉංජිනේරුවන් ද, මවිතයට පත්වේ. ඔවුන් විසින් මොහු සමග සමීපව පරිගණක පිළිබඳ ඥානය බෙදාගෙන ඇත. ඒ අතරතුර, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන ගිය වෙබ් අඩවියකට ද, යම් තැනැත්තකු ඇතුළත් වී දත්ත වෙනස්‌ කර ඇත. ඒ කාලයේ මේ සම්බන්ධයෙන් වෙබ් අඩවි ආරක්‌ෂාව සඳහා මෙරටට සම්බන්ධකම් පවත්වන ජාත්‍යන්තර ආයතනයක්‌ ගිවිසුමකට අත්සන් කරලා තිබෙනවා. මොවුන්ට මගේ සේවාලාභියා මහත් හිසරදයක්‌ වී තිබෙනවා. ඒ අනුව, මොහුව මෙම වෙබ් අඩවි ජාලයෙන් ඉවත් කළ යුතු බව සදහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ ප්‍රකාශයක්‌ පදනම් කර ගනිමින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මොහුව අත්අඩංගුවට ගත් නමුත්, ඔහුගේ පරිගණකය හෝ වෙනත් කිසිම ලේඛනයක්‌ අත්අඩංගුවට ගෙන නැහැ. මොහු හැකර්කරුවකු නොවන බවත්, ඔහුගේ එකම ව්‍යායාමය හැකර්කරුවන්ගෙන් වෙබ් අඩවි ආරක්‌ෂා කර ගැනීම හඳුන්වාදීම. ඔහුගේ පාඨමාලා ඒ දිනවල ජාත්‍යන්තරයේ පවා ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. මොහු කෙතරම් ජාත්‍යන්තර කීර්තියට පත්වුණා ද කිවහොත්, මොහුගේ සේවය ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ ආණ්‌ඩුකාරවරයා ද ලබාගෙන තිබෙනවා. පරිගණක සම්බන්ධයෙන් මෙවැනි දැනුමක්‌ ලාංකිකයකුට තිබීම ගැන ඔහු පුදුමයට පත්වී ඇත. එහෙත්, ඔහුගේ එම දැනුම ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවට ඔහුට නඩුවක්‌ පවරා රිමාන්ඩ් කර ඇප පිට දැනට මුදාහැර තිබෙනවා. 

මටත්, පරිගණක පිළිබඳ සාමාන්‍ය අවබෝධයක්‌ තිබෙනවා. මටත් මොහු ගැන පුදුම හිතුණා. ඔහුගේ සමාජ සත්ක්‍රියාවක්‌ වන්නේ ෆේස්‌බුක්‌ වෙත මුදාහරින අහිංසක තරුණියන්ගේ නග්න ඡායාරූප ෆේස්‌බුක්‌ මගින් ඉවත් කිරීමයි. මේ දිනවල ඔහු ගැන ආරංචි වූ තරුණියක්‌ ඇගේ නග්න ඡායාරූප ඇගේ පූර්ව පෙම්වතා විසින් මුහුණු පොත වෙත මුදාහැර ඇති බවත්, එයින් ඇය ලැ-ජාවට පත්වී ඇති හෙයින් සියදිවි හානි කර ගන්නා බවත් පවසා ඇත. ඔහු ක්‌ෂණිකවම ෆේස්‌බුක්‌ ජාලයේ අංශාධිපතිට කථා කොට එම ඡායාරූප ඉවත්කර තිබෙනවා. අද අපිට අහන්න දකින්න ලැබෙන්නේ රටේ සුප්‍රසිද්ධ තැනැත්තන්ගේ, ජනනායකයන්ට අපහාස වන නින්දනීය දැන්වීම් මුහුණු පොත හරහා සැරිසරන ආකාරයයි. මේ සම්බන්ධ නීතිගත කළ කමිටුවක මමත් සිටිනවා. අපිට තිබෙන විශාල ගැටලුව එම දැන්වීම් ෆේස්‌බුක්‌ ජාලයට ඇතුළත් කළ මූලාශ්‍රය සොයා ගැනීමට අපහසුවීමයි. එහෙත්, මොහුට එය ඉතාමත් සුළු වෙලාවක්‌ තුළ සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් ඒ පිළිබඳ විමර්ශන කරන නිලධාරීන්ගේ දැනුම පවතින්නේ අවම මට්‌ටමක බවයි. ඔහු මා සමග පැවසූවේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට ඇතුල් වූ බවට 17 හැවිරිදි තරුණයෙක්‌ අධිකරණයට ඉදිරිපත් කර ඇප පිට මුදාහැර ඇති නමුත්, සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට ඇතුළත්වී ඇත්තේ බංග්ලාදේශයේ සිට ක්‍රියාත්මක වන ISISI ත්‍රස්‌තවාදීන්. ඔවුන් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියේ දොරටු විවෘත කර තිබීමයි. මේ ශිෂ්‍යයා ඒ තුළින් ඇතුල්වී දත්ත වෙනස්‌ කර තිබෙනවා. මෙවැනි වටිනා තරුණයන්ගේ දැනුම නිරපරාදේ විනාශවීම කනගාටුවට කරුණක්‌. නමුත්, මොහුට සිදුවන හානිය සහ මානසික ආතතිය නැවත හැරවීමේ ක්‍රමයක්‌ නැත. ඇත්තටම ඔහු අද සිටිය යුත්තේ ජනාධිපති වරයාගේ වෙබ් අඩවි උපදේශකවරයකු ලෙසයි.... 

නීතීඥ චම්පිකා මොණරවිල මහත්මියගේ උපදෙස්‌ පිට නීතීඥ ප්‍රේමසිරි පෙරේරා මහතා සමඟ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පෙනී සිටියහ.

රුවන් ජයවර්ධන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිගේ වෙබ් අඩවියට ISIS ත්‍රස්‌තයෙක්‌ අතුල වෙලා.
ජනාධිපතිගේ වෙබ් අඩවියට ISIS ත්‍රස්‌තයෙක්‌ අතුල වෙලා.
http://ift.tt/2x4euIB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/isis.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/isis.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy