දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පේරාදෙණිය සරසවි සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක
Homeප්‍රවෘත්ති

පේරාදෙණිය සරසවි සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක

PropellerAds

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගේ පන්ති තහනම් කිරීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ සි...

හමුදාපති 18 විශ‍්‍රාම යයි.. නව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා
සජිත් පිල දරුණු වෙයි.. අපේක්‍ෂකත්වය ඉල්ලා සජිත් පිලෙන් රනිල් විරෝධී පා ගමනක් !
සජිත් අපේක්‍ෂක වුණෙත් ජනපති මෛත‍්‍රීගේ සහායත් ඔහුට
පේරාදෙණිය සරසවි සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගේ පන්ති තහනම් කිරීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨ සිසුන් ඊයේ (15) සනාථන මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූ අතර මේ වනවිට ඔවුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටී.

සම සෞඛ්‍ය පීඨයේ පළමු වසර සිසුන් පීඨයෙන් ඉවතට ගෙන ඒම සම්බන්ධයෙන් පීඨාධිපතිවරයා ඇතුළු පරිපාලනය සමඟ ඇතිවූ ගැටුමක් හේතුවෙන් අදාළ ශිෂ්‍ය සංගම් සභාපතිවරයාට මාස 06ක පන්ති තහනමක් පරිපාලනය විසින් නියම කර තිබේ.

එම පන්ති තහනම පසුගිය මැයි මස 30 වනදා සිට ක්‍රියාත්මක වියයුතු වුවත් එදින හෝ ආසන්න දිනයක දඬුවම නොදී ඔක්තෝම්බර් මස 19 වැනි දින සිට පන්ති තහනම ක්‍රියාත්මක කිරීමට පරිපාලනය කටයුතු කර ඇති බව විරෝධතාවයට එක්වු සිසුන් පැවසීය.

මාස 05ක පමණ කාලයක් ප්‍රමාද කොට දඬුවම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් විභාගය අතපසුවීම, පෙනී සිටි විභාගයේ ප්‍රතිඵල මත ඔහු සමත්වුවද විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානයට සහභාගීවීමට අවස්ථාව අහිමිවීම වන සිදුවන බව විරෝධතාවයේ නියැලි සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලක්ෂිත මධුෂාන් සිසුවා කියාසිටියේය.

සිසුවෙකු යම් වරදක් කොට දඬුවම් ලබාදීම මෙතරම් ප්‍රමාද නොවිය යුතු බවත් මේ තුළින් සිදුකර ඇත්තේ සිසුවාගෙන් පළි ගැනීමට පීඨ පරිපාලනය කටයුතු කිරීම බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

පැයකට ආසන්න කාලයක් සනාථන මන්දිරය අසල පැවැති මෙම විරෝධතාවය සඳහා සම සෞඛය පීඨයේ සිසුන් 500ක පමණ පිරිසක් සහභාගී වී සිටි අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙම තීරණය විනය පාලක කමිටුව විසින් ගත් තීරණයක් බැවින් එම තීරණය වෙනස් කිරීමේ හැකියාවක් තමාට නොමැති බවයි.

මහනුවර - කමල් සුරවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පේරාදෙණිය සරසවි සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක
පේරාදෙණිය සරසවි සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක
http://ift.tt/2eYST6C
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_701.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_701.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy