මෙම වසරේ ගතවූ කාලය තුළ ඒඩ්ස් රෝගය වැලඳුණු පුද්ගලයින් 34දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ගිය වසරට සාපේක්ෂව මෙම වසර තු...
මෙම වසරේ ගතවූ කාලය තුළ ඒඩ්ස් රෝගය වැලඳුණු පුද්ගලයින් 34දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ගිය වසරට සාපේක්ෂව මෙම වසර තුළ ඒඩ්ස් රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ලිංග ආශ්‍රිත රෝග සහ එච්.අයි.වී. ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සිසිර ලියනගේ මහතා ද සඳහන් කරයි.
වෛද්‍ය සිසිර ලියනගේ මහතා කියාසින්නේ මේ වනවිට මෙරට තුළ ඒඩ්ස් මරණ 405ක් සිදුවී ඇති බවත් ඉන් 50%කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත්ය.
මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ එච්.අයි.වී.ඒඩ්ස් ආසාදනය වූ පුද්ගලයන් 215දෙනෙකු හඳුනාගෙන ඇති අතර එයින් වැඩිදෙනෙකු වයස අවුරුදු 25ත් 50ත් අතර අය බව ඒ මහතා තවදුරටත් පැවසීය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ එච්.අයි.වී. ආසාදනය වී ඇති බව පළමුව හඳුනා නොගැනීම ඒඩ්ස් මරණ ඉහළ යෑමට හේතුව බවයි.
COMMENTS