නො රොච්චෝලේ ලක් විජය තාප බලාගාරයට ඉහළින් ඩ්‍රෝන යානයක් පියාසර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ...
නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයට ඉහළින් ඩ්‍රෝන යානයක් පියාසර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම ඩ්‍රෝන යානය පියාසර කර ඇත්තේ ඊයේ (27) රාති‍්‍රයේයි. මෙය නියමුවන් රහිත යානයක් බවටද සැක පළව තිබෙනවා.
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට මීටර් 100 ක් 150 ක් පමණ ඉහළින් ඉතාමත් වේගයෙන් මෙය පියාසර කර ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.
මේ වනවිට නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ආරක්ෂාවට නාවික හමුදාව යොදවා තිබෙනවා. ඩ්‍රෝන යානයක් හෝ නියමුවන් රහිත යානයක් විය හැකි මෙම යානයට වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමට නාවික හමුදාව සූදානම් වුවත්, එය ඉතා වේගයෙන් පියාසර කිරීම නිසා එම උත්සහය ව්‍යාර්ථ වී තිබෙනවා.
කෙසේවෙතත් එම යානය ගමන් කළ වේගය සහ උස අනුව නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඡායාරූප ලබා ගැනීමට නොහැකි වන්නට ඇති බවයි එහි ආරක්ෂක අංශ පැවසුවේ.
මේ අතර ඉකුත් 26 වැනිදා ද ඩ්‍රෝන යානයක් හෝ නියමුවන් රහිත යානයක් විය හැකි මෙම යානය එළුවන්කුලම නාවික හමුදා කඳවුර ඉහළින් ද පියාසර කර තිබෙනවා. එහිදී රතු එළියක් දල්වමින් පියාසර කළ එම යානයට නාවික හමුදා නිලධාරීන් විසින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළ බව ද සඳහන්.
එම යානය ඊයේ දිනයේ කල්පිටිය පොලීසියට ඉහළින් ද පියසාර කර තිබෙනවා. ඩ්‍රෝන යානයක් හෝ නියමුවන් රහිත යානයක් විය හැකි මෙම යානය අද (28) අලුයම අවස්ථා කිහිපයකදී ද දිස්වූ බවයි ආරක්ෂක අංශ පවසන්නේ. මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

COMMENTS