මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු වන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා උපයාගත් රුපියල් කෝටි 42 කට ආසන්න මුදලක් තම බැංකු ගිණුම්වලට බැර කිර...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු වන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා උපයාගත් රුපියල් කෝටි 42 කට ආසන්න මුදලක් තම බැංකු ගිණුම්වලට බැර කිරීමේ චෝදනාවට ඔහුගේ ඥාති සහෝදරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරු ඊයේ (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මොහු වෙලේ සුදාගේ බිරිඳගේ සහෝදරියගේ සැමියා වන අතර, පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ඊයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඒ අනුව ලබන 25 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
COMMENTS