දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුත්තලමේ මද්‍රාසා පාසලක දරුවන් 26කට මනුෂ්‍ය ඝාතනය ගැන දේශන පවත්වලා !
Homeප්‍රවෘත්ති

පුත්තලමේ මද්‍රාසා පාසලක දරුවන් 26කට මනුෂ්‍ය ඝාතනය ගැන දේශන පවත්වලා !

PropellerAds

පාස්කු ඉරිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් දුෂ්‍යාත් අහමඩ් හා ෂැංගිලා හෝටලයට එ...

'2017දීම උතුරේ ප්‍රශ්නයට විසඳුම් ඕනෑ' - ඇමතිවරු ඉදිරියේදී සම්බන්දන් කියයි 
ආණ්ඩුවේ හා ඒකාබද්ධයේ දෙපළක් පස් ජාවාරමක - රන්ජන් හෙළිකරයි (VIDEO)
ආණ්ඩුවේ හා ඒකාබද්ධයේ මන්ත්‍රී දෙපළක් පස් ජාවාරමක - රන්ජන් හෙළිකරයි (VIDEO)
පාස්කු ඉරිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් දුෂ්‍යාත් අහමඩ් හා ෂැංගිලා හෝටලයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරු වූ මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන බෝම්බකරුවන් සමඟ බෝම්බ ප්‍රහාරවලට අදාළ සබඳතා පැවැත්වූයේ යැයි මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය මේ මස 24 වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා සහභාගි කරවන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (18දා) නියෝග කළේය.


මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඊට අමතරව නඩුවේ සාක්‍ෂිකරුවන් වන නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අයගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය “සේව් ද පර්ල්” නමැති පුණ්‍ය ආයතනය මඟින් පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය “අල් සුදරියා” නමැති මද්‍රසා පාසල් පරිශ්‍රයේ පවත්වාගෙන ගිය දේශනවලට සහභාගි වූ දරුවන් 10 දෙනකුට එදින (24දා) හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් වන ලෙසටද කොටුව මහෙස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළේය.

අදාළ පාසලේ පැවැත්වූ දේශන සඳහා වාර ගණනාවක් නීතිඥ හිජාස් හිස්බුල්ලා නමැති අයකු පැමිණ ඇති බවට දරුවන් ප්‍රකාශ කර ඇති බවද අදාළ දරුවන් 10 දෙනා එම නම හඳුනන බවට ප්‍රකාශ කර ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සැලකර සිටියේය.

අදාළ පාසලේ දේශනවලට 26 දෙනකු සහභාගි වූ බවට හඳුනාගෙන ඇති බවද අදාළ දේශන මඟින් මුස්ලිම් ධර්මය, ද්‍රවිඩ භාෂාව, ගණිතය හා කුරානය පිළිබඳ දේශන පවත්වා ඇති බවට දරුවන් ප්‍රකාශ කර ඇති බවද ඊට අමතරව අවි පුහුණුව සම්බන්ධ පුහුණුව, දරුවන්ගේ වයස් සීමාවට එහා ගිය මිලිටරිකරණය ඇතුළත් දේශන එම පාසල මඟින් ඊට අමතරව දරුවන්ට ලබාදී ඇති අවි ආයුධ පුහුණුවීම් අතරතුර පූර්ණ ලෙස මනුෂ්‍යයන් ඝාතනය කිරීම වැනි සමාජය කෙරෙහි වෛරයක් ඇති කිරීමේ අදහස් ඇතිවෙන දේශන පැවැත්වූ බවට කරුණු අනාවරණය වී ඇති බවද සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේය.

එම පාසලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ මොහොමඩ් ඊබ්‍රහිම් දුෂ්‍යාත් අහමඩ් මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අය දේශන පවත්වා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබිණි.

අදාළ මද්‍රාසා පාසල ‘මොහොමඩ් රිකාස්’ නමැති මවුලවිවරයකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළ අතර බෝම්බකරුවන් දෙදෙනා සමඟ නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය සන්නිවේදන කටයුතු කළ බවට සැකකෙරෙන ජංගම දුරකථන 9ක් සහ එම ජංගම දුරකථනවලට භාවිත කළ අංක 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බවද එම දුරකථන 9න් එකක් වූ මිල අධික ඇපල් වර්ගයේ දුරකථනයක් අලාභ හානි වූයේ යැයි නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය විනාශ කර කුණු බක්කියට දමා ඇති බවද එම දුරකථනය සහිත කුණු බක්කිය කොළඹ නගර සභාව විසින් රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. විනාශ කරන කාලසීමාවේ වගකීමක් සහිතව තිබූ අදාළ ජංගම දුරකථනය විනාශ කිරීම ගැටලු සහගත බවද අදාළ මද්‍රාසා පාසලට දරුවන් බඳවා ගැනීම සඳහා නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය ගෙයින් ගෙට ගොස් ඇති බවද අදාළ පාසලට කොළඹ 14 -15 යන ප්‍රදේශවලින් දරුවන් බඳවාගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එම දරුවන්ගේ ලිපිනයන් ඇතුළු ලබාදී ඇති භෞතික විස්තර සාවද්‍ය බවට හෙළි වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටි අතර අදාළ පාසල තුළදී පැවැත්වූ දේශන මඟින් හිජාස් හිස්බුල්ලා යන අය තමන් මෙන් නීතිඥවරයකු වීමට හැකියාව ඇති බවට දරුවන්ට ප්‍රකාශ කර ඇති බවද එලෙසම අසාධාරණ සමාජය ඊට ඉඩ නොදෙන බව ප්‍රකාශ කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දන්වා සිටියේය.

අමිල අබේරත්න
මව්බිම
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුත්තලමේ මද්‍රාසා පාසලක දරුවන් 26කට මනුෂ්‍ය ඝාතනය ගැන දේශන පවත්වලා !
පුත්තලමේ මද්‍රාසා පාසලක දරුවන් 26කට මනුෂ්‍ය ඝාතනය ගැන දේශන පවත්වලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEHcQnD65-u_wpzmlwsdzd9RIGNxwHbRkUuea1Td1baMhyphenhyphenIgwb8EJEUnoHLcT5gT-oYxhrXEo5g36rBtcZjXW-Roy2Sy3fIjiAG_8dheM9_d9l-HrTMWxnfr3OYK9HHHObh2I17k9-NG0/s320/5eec22b737b6b_5.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgEHcQnD65-u_wpzmlwsdzd9RIGNxwHbRkUuea1Td1baMhyphenhyphenIgwb8EJEUnoHLcT5gT-oYxhrXEo5g36rBtcZjXW-Roy2Sy3fIjiAG_8dheM9_d9l-HrTMWxnfr3OYK9HHHObh2I17k9-NG0/s72-c/5eec22b737b6b_5.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy