අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය ඊයේ (10) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. අගමැති රනිල...
අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය ඊයේ (10) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුද සිවිල් සංවිධාන නියෝජිතයෝ ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ඊට අමතරව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් ද මෙම තේ පැන් සංග්‍රහයට එක්ව සිටි අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් ඊට සහභාගී වී නොමැත.
මේ අතර හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බහුතරයක් ද මෙම තේ පැන් සංග්‍රහයට එක්ව සිටීමෙන් වැළකී සිටියහ.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS