උමා ඔය බහුවිනාශකාරී ජනතා පෙරමුණේ අනුසාශක ස්වාමීන් වහන්න්සේලා ඇතුළු එහි නිලධාරී මණ්ඩලයේ 20දෙනෙකුගෙන් පමණ සමන්විත පිරසක් එහි කැඳවුම්කරු, ඌව...
උමා ඔය බහුවිනාශකාරී ජනතා පෙරමුණේ අනුසාශක ස්වාමීන් වහන්න්සේලා ඇතුළු එහි නිලධාරී මණ්ඩලයේ 20දෙනෙකුගෙන් පමණ සමන්විත පිරසක් එහි කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සිඳීගිය පනංගල වැව් පතුලේ මධ්‍යහමුවක් සංවිධානය කර තිබිණි.
එම මාධ්‍ය හමුවට ප්‍රදේශවාසීන්ද 300කට අධික පරිසක් සහභාගී වී සිටිහය.
පසුගිය 28වනදා බණ්ඩාරවෙලදී පැවති මහා කළු හර්තාලයට හෙට වනවිට මාසයක් පිරෙන බවත් එම හර්තාලයේ ප්‍රථිපලයක් ලෙස ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවටද ලබන 30වනදාට මාසයක් ගත වන බවත් මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළ සමන්ත විද්‍යාරත්න මහතා පවසා සිටියේ සාකච්ඡාවල කුමන තීරණ ගත්තත් රූපවාහිනී, පත්තර, රේඩියෝ ඇතුළු මාධ්‍යවලින් කුමන ප්‍රකාශ සිදු කළත් ජනතාව බලාපොරොත්තු වූ සහන මෙතෙක් ලැබී නැති බවය.
අද මාධ්‍ය හමුව පැවැත්වූ පනංගල වැව පටකඳුර ඔයෙන් පෝෂණය වන බවත් අක්කර අඩි 125ක ජල ධාරීතාවක් සහිත එම වැව මුළුමනින්ම සිඳී ගොස් ඇති ආකායරත් එහිදී පැහැදිළි විය.
මෙම පනංගල වැවෙන් කුඹුරු අක්කර 350ක් යල මහ දෙකන්නයම එළවළු වගාව සිදු කළ බවත් ගොඩ ඉඩම් අක්කර 250ක ගොඩ බෝග වගා සිදු කරළ බවත් ප්‍රදේශයේ ජනතාව එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාගත්තේත් මෙම වැවෙන් බව පෙන්වා දුන් සමන්ත විද්‍යාරත්න මහතා පැවසූවේ දැන් මෙම වැව සිඳීයාම හේතුවෙන් කන්න කිහිපයක්ම මෙම ගොවීන්ට සිය එකම ආදායම් මාර්ගය වූ ගොවිතැන අත්හැර දැමීමට සිදුව ඇති බවයි. මේ වනවිට පනංගල වැවෙන් පෝෂණය ලැබූ කුඹුරු කැළෑ වැදෙමින් තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.
දිනකට අඩුම වශයෙන් එක පවුලකට ජල ලීටර් 500ක්වත් අවශ්‍ය බවත් එලෙස අවම ප්‍රමාණයක් බෙදුවත් දිනකට ජළ ලීටර් ලක්ෂ 50කවත් බෙදිය යුතු නමුත් මේ වනවිට එම පවුල් 10,000කටම බෙදා දෙනු ලබන්නේ ජල ලීටර් ලක්ෂ හතර හමාරක් පහක් අතර ප්‍රමාණයක් පමණක් බවත් එයද ලබාදෙන්නේ දවස් 10කට 12කට වරක් බවත් සමන්ත විද්‍යාරත්න මහතා පැහැදිළි කරයි.
ඊට අමතරව ගවයන් ඇතුළු මිනිස් ආර්ථිකයට දායකවන සතුන් මෙන්ම වනජීවින්ද සිය ජල අවශ්‍යතාවය සපුරාගත්තේ මෙම වැවෙන් බවත් ඒ සියළු ක්‍රියාවන් මේ වනවිට ඇනහිට ඇති බවත් ඒ මහතා අවධාරනය කළේය.
එම නිසා මිනිස් ජන ජීවිතයට අවශ්‍ය පරිදි ඇති තරම් වතුර සපයන ලෙස බලධාරීන්ට අවධාරණය කරන බවත් මේ වනවිට උල්පත් සහ ළිං සිඳි යාම වේගවත් වී ඇති බවත් එදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාව පවත්වන මොහොතේ පැවති තත්වයට වඩා දැන් තත්වය බරපතල වී ඇති බවත් ඒ මහතා පැවසීය.
උමා ඔය බහුවිනාශකාරි ව්‍යාපෘතිය නිසා වගා හානිවූවන් සඳහා වන්දි ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යාමට සිදු වූ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත ගොවීන් සඳහා වගා වන්දි ගෙවීමට නියම වූ නමුත් වගා හානි වූ පවුල් 7000කට පමණ ආසන්න ප්‍රමාණයෙන් වන්දි ගෙවා ඇත්තේ පවුල් 700ක ප්‍රමාණයකට පමණක් බවත් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඉල්ලුම්පත් 3000ක් පමණ යොමු කර ඇති බවත් අවධාරණය කළේ ය. තවත් 3000කට වැඩි පරිසක් ඉල්ලුම්පත් යොමු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන නමුත් ඔවුන්ට වගාවන්දි ඉල්ලුම් කිරීමට අදාළ ඉල්ලුම්පත් පළාත් කෘෂී දෙපාර්තමෙන්තුව මගින් ලබා නොදෙන බවත් සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
තම ප්‍රධාන ජීවනෝපාය ව්‍යාපාරිකය, ස්වයංරැකියාව, ගොවිතැන, සත්ව පාලනය ආදී ආර්ථික ක්‍රමෝපායන්වල නියැලුණු සියළුම දෙනා මෙම උමා ඔය බහුවිනාශකාරි ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත්ව ඇති බැවින් ඔවුන් සියළුදෙනාමට ආණ්ඩුව මැදිහත්වී ජීවන ආධාරයක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.
එමෙන්ම අවට කඳු විශාල පිපිරීම්වලට ලක්ව ඇති බවත් මේ වනවිට දික් අරාව කන්ද පුපුරා ගොස් විශාල පැලීම් හටගෙන ඇති බවත් මහ වැස්සක් වැටුනොත් කඳු නායයාමේ අනතුරක් ඇති බවත් සමනත් විද්‍යාරත්න මහතා එම මාධ්‍ය හමුවේදී විශේෂයෙන් අවධාරණය කළේ ය. විශේෂයෙන් දික්අරාව කඳු පාමුළ පවුල් 300ක් පමණ සිය වාසස්තානවල ජීවත්වන බවත් එම කඳු නායායමකට ලක්වුවහොත් සිදුවන අනතුරේ ප්‍රමාණය කොපමණ සිදුවේදැයි සිතාගැනීමටවත් නොහැකි බවත් ඒ මහතා පැවසීය.
එම කදු පිපිරීම් නිරීක්ෂණයට පැමිණි නිලධාරීන් ජනතාවට පවසා ඇත්තේ මැටි අනා එම පිපිරීම්වලට පුරවන ලෙසයි. තමන්ට බීමට ජල පොදක් නැති මිණිස්සු මැටි ඇනීමට ජලය සපයා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කර සිටියේ වත්මන් රනිල් – මෛත්‍රී ආණ්ඩුවට ඉතිරිව ඇත්තේ මෙවැනි මැටි උත්තර පමණක් බවයි.
ආණ්ඩුවට තවත් දින කිහිපයක් ලබා දෙන බවත් ජනතාවට සාධාරණ ඉටු නොවුනහොත් නැවතත් ජනතාව සමග පාරට බසින බවත් ඊට පෙර ජනතාවට විසඳුම් ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බවත් සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේ ය.
COMMENTS