Paul Auster, 4 3 2 1 Sebastian Barry, Days Without End Emily Fridlund, History of Wolves Mohsin Hamid, Exit West Mike McCormack, Sola...
Paul Auster, 4 3 2 1
Sebastian Barry, Days Without End
Emily Fridlund, History of Wolves
Mohsin Hamid, Exit West
Mike McCormack, Solar Bones
Jon McGregor, Reservoir 13
Fiona Mozley, Elmet
Arundhati Roy, The Ministry of Utmost Happiness
George Saunders, Lincoln in the Bardo
Kamila Shamsie, Home Fire
Ali Smith, Autumn
Zadie Smith, Swing Time
Colson Whitehead, The Underground Railroad
මෙම ලැයිස්තුවට මෙවර බ්‍රිතාන්‍යයේ ස්මිත්ලා දෙදෙනෙක් ඇතුළත් ව සිටිති. ඒ, අලි ස්මිත් සහ සාදී ස්මිත් ය. අයර්ලන්ත ජාතිකයෝ දෙදෙනෙක් ද, එමෙන්ම පාකිස්ථානයේ උපත ලද ලේඛකයන් දෙදෙනෙක් ද මේ දිගු ලැයිස්තුවේ වෙති. සිය ප්‍රථම නවකතාවෙන්ම බූකර් සම්මානය සඳහා නිර්දේශ වූවෝ තිදෙනෙක් ද මේ ලැයිස්තුවේ වෙත්. ඔවුන් වන්නේ එමිලි ෆ්‍රිඩ්ලන්ඩ්, ෆියෝනා මොස්ලි සහ ජෝර්ජ් සෝන්ඩර්ස් ය. ප්‍රවීන ලේඛක පෝල් ඔස්ටර් වයස අවුරුදු 70 දී, සත් වසරකට පසු ලියන ප්‍රථම නවකතාව මගින් මෙවර බූකර් සම්මානය සඳහා නිර්දේශ වන්නේ අමුතු නමකින් යුත් නවකතාවක් සමගිනි. එම නවකතාවේ නම ‘4 3 2 1’ වේ.
බූකර් සම්මානය දිනාගන්නා තැනැත්තාට හෝ තැනැත්තියට පවුම් 50,000 ක මුදල් ත්‍යාගයක් හිමි වේ. මේ සඳහා සලකා බලන්නේ ආසන්න වර්ෂය තුළ එක්සත් රාජධානිය තුළ ඉංග්‍රීසි බසින් පළ කරන ලද ස්වතන්ත්‍ර නවකතාවන් ය. මේ වර්ෂය සඳහා, එනම් 2016 ඔක්තෝබර් 1 වැනිදා පටන් 2017 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පළ කරන ලද ඉංග්‍රීසි නවකතා 144 ක් මෙවර ඒ සඳහා ඉදිරිපත් කර තිබිණි.
“ඉන්දියාවේ බඩවැලෙන්ම ආ පොතක්”
කෙසේ නමුත් විචාරකයන් දැනට පෙන්වා දෙන පරිදි මෙවරත් මෑන් බූකර් සම්මානය අරුන්දතී රෝයි නොහොත් යකඩි විසින් දිනාගැනීමේ ඉඩකඩ ඉතා වැඩි ය. බූකර් විනිසුරුවරුන් විසින් ‘ද මිනිස්ට්‍රි ඔෆ් අට්මෝස්ට් හැපිනස්’ ග්‍රන්ථය විස්තර කර තිබෙන්නේ “ඉන්දියාව් බඩවැල්වලින්ම එන, අගනා-සරුසාර පොතක්’ වශයෙනි. 1997 වසරේ ඇය සිය ප්‍රථම නවකතාව වන ‘ගෝඩ් ෆෝ ස්මෝල් තිංග්ස්’ වෙනුවෙන් මෙම සම්මානය දිනාගත්තාය. එකල මෙම සම්මානය හැඳින්වූයේ ‘මෑන් බූකර්’ නොව ‘බූකර් සම්මානය’ යනුවෙනි. මේ වසරේ සැප්තැම්බර් 13වැනිදා මෙම දී්රඝ ලැයිස්තුවේ 13 දෙනා අතරින් කෙටි ලැයිස්තුවට තේරුණු 6 දෙනා ප්‍රකාශයට පත් කෙරුණු ඇත. අනතුරුව ඔක්තෝබර් 17 වැනිදා ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
-අමාලි ජයවීර
COMMENTS