දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලේ පරික්ෂණ පිටින් කළොත් රෝහල් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදි
Homeප්‍රවෘත්ති

ලේ පරික්ෂණ පිටින් කළොත් රෝහල් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදි

PropellerAds

නවීන තාක්ෂණයට අනුව රෝහල් ඩිජිටල්කරණය කළ යුතු බවත් 2017 ජනවාරි 01 දා සිට රෝහල්වලට ඇතුලත් වන රෝගීන්ගේ රුධිර පරික්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කි...

ගෑණු ලමයින් රකින්න මුස්ලිම් ගෙවල්වල කඩු තියාගෙන ඉන්න බව කිවුවේ BBC අසාද් අමීන්ගේ තාත්තා
හදිසි විදුලි මිලදී ගැනීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - (video)
කලබල අස්සේ ඇමරිකානු තානාපතිනිය මහින්ද හමුවෙන්න ගෙදරටම එයි
ලේ පරික්ෂණ පිටින් කළොත් රෝහල් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදි

නවීන තාක්ෂණයට අනුව රෝහල් ඩිජිටල්කරණය කළ යුතු බවත් 2017 ජනවාරි 01 දා සිට රෝහල්වලට ඇතුලත් වන රෝගීන්ගේ රුධිර පරික්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම තහනම් කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අගලවත්ත ඉත්තෑපාන දිසා රෝහලේ මාතෘ හා ළමා වාට්ටුව සහ කාන්තා වාට්ටුව විවෘත කිරීමේ උත්සවය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා “කළුතර දිස්ත‍්‍රික්කයේ පළාත් සභා රෝහල් සහ මුලික රෝහල් සංවර්ධනය කිරීමටමේ වනවිටත් කටයුතු යොදා තිබෙනවා. කළුතර මහ රෝහල සංවර්ධනය කරන අතර, ළමා රෝහලක් ද නෙදර්ලන්ත ණය ආධාර යටතේ ඉදිකරනවා. ජර්මනියේ ආධාර මත පානදුර මූලික රෝහල සංවර්ධනය කරනවා.”

“නවීන තාක්ෂණයට අනුව රෝහල් ඩිජිටල්කරණය කළ යුතුයි. එහි මුලික පියවර හොරණ මුලික රෝහලෙන් සහ මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කළා.මේ වනවිට රෝහල් 40 ක් පරිගණක ගත කර තිබෙනවා. 2017 වසරේ දී රෝහල් 200 ක් පරිගණක ගත කිරිමට සැළසුම් සකස් කර අවසන්. මෙහිදී රෝගියෙකුගේ සියළුම විස්තර, රෝග පරීක්ෂණ වාර්තා පරිගණක ගත කරනවා. ඉන් පසු රෝගියාට රෝග විනිශ්ච්‍ය කාඩි පතක් ලබාදීම තුලින් වෛද්‍ය පරික්ෂණවල දී වෛද්‍යවරුන්ට පහසුවක් සැළසෙනවා. රෝහල් සංවර්ධනය කළ හැකි වුවත්, මානව සම්පත සංවර්ධනය කිරීමට කාලයක් ගත වෙනවා. හෙද හෙදියන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින අතර, එම සේවක සංඛ්‍යාව වැඩි කිරීමට මම පියවර ගෙන තිබෙනවා. ඉත්තෑපාන දිසා රෝහල මුලික රෝහලක් කරන ලෙස මහා සංඝරත්නය මගෙන් ඉල්ලීමක් කළා. නමුත් මම මෙම රෝහලට අවශ්‍ය සියළුම පහසුකම් ලබාදෙන්නම්.”  

“2017 ජනවාරි 01 දා සිට රෝහල්වලට ඇතුලත් වන රෝගීන්ගේ රුධිර පරික්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම තහනම් කරනවා. රජය විසින් සියළුම රසායනාගාර පහසුකම් ඇති රෝහල් වලට රුධිර පරීක්ෂණ යන්ත‍්‍ර දෙසැම්බර් 31 වන විට ලබාදෙනවා. ඉන් පසු රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම නොකළ යුතුයි. සියළුම රුධිර පරීක්ෂණ රෝහල් මගින් පමණක් සිදු කළ යුතු වෙනවා. ඒ පිළිබද විමර්ශණයක් ද සිදු කරන අතර, රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමේ සිද්ධි වාර්තා වුවහොත් රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගනු ලබනවා. ඒ බව සදහන් කරමින් දෙසැම්බර් මස මුල් සතියේ දී රසායනාගාර පහසුකම් ඇති සියළුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කරන ලෙස මම සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට උපදෙස් ලබාදුන්නා.” 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලේ පරික්ෂණ පිටින් කළොත් රෝහල් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදි
ලේ පරික්ෂණ පිටින් කළොත් රෝහල් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදි
http://ift.tt/2fAJIt6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_438.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_438.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy