ඇ මරිකානු තානාපති Alaina Teplitz මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඊයේ (09) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි. ...
ඇමරිකානු තානාපති Alaina Teplitz මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඊයේ (09) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.
පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය ගැන ඇමරිකානු රජයේ කණගාටුව පළ කළ තානාපතිතුමිය මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තම රට සූදානම් බව ප්‍රකාශ කළාය.
එමෙන්ම මිත්‍ර රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමෙන් තම රටවල ජාතික ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට හැකි බව සඳහන් කළ ඇමරිකානු තානාපතිතුමිය 2001 සැප්තැම්බර් මස තම රටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන් ගැන මිත්‍ර රටවල් සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම තුළින් තම රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කර ගැනීමට හැකි වූ බව ද තව දුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ඩී වී චානක, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන්ද එක් වූහ.
රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

COMMENTS