බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශන හා නිරීක්ෂණ වලින් සියලු දේශපාලනඥයින් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල ස...
බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශන හා නිරීක්ෂණ වලින් සියලු දේශපාලනඥයින් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මේවන විට මහරගම මහරගම නගර සභා ශාලාව ඉදිරිපිටදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.
බැඳුම්කර සිද්ධිය පිළිබඳ තමා මේවන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු නොකල නමුත් අද දිනයේ ඒ පිළිබඳ තමාගේ තීන්දුව ප්‍රකාශකරන බව සඳහන් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ බැඳුම්කර සිද්ධිය අපක්ෂපාතීව හා ස්වාධීන විමර්ශනයක් සිදු කිරීමට අධිකරණය වෙත යොමු කරන බවයි.
බැඳුම්කර සිද්ධිය පිළිබඳ කෝප් කමිටු වාර්තාව ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කරන බවත් එම මතවාද තිබෙන දේශපාලනඥයින් එම සිද්ධියේ විමර්ශන වලින් ඉවත් විය යුතු බවත් ජනාධිපතවරයා කියා සිටියේය.
රටේ ජනතාවට තමන් ඇතුළු රජය පිරිසිදු බව ඔප්පු කිරීමට අපක්ෂපාතීව පරීක්ෂණ සිදු කිරීම සඳහා එම සිද්ධිය පිළිබඳ ගැන තිරණය අධිකරණයට යොමු කරන බව ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS