මිහින් ලංකා ආයතනයේ සේවයේ නියුතුව සිටි සේවක සංඛ්‍යාවෙන් ශ්‍රී ලංකන් එයාර් ආයතනයට අනියුක්ත කොට ඇත්තේ 10%ක පමණ සුළු ප්‍රමාණයක් පමණක් බවත් ඉන්...
මිහින් ලංකා ආයතනයේ සේවයේ නියුතුව සිටි සේවක සංඛ්‍යාවෙන් ශ්‍රී ලංකන් එයාර් ආයතනයට අනියුක්ත කොට ඇත්තේ 10%ක පමණ සුළු ප්‍රමාණයක් පමණක් බවත් ඉන් අති විශාල සේවක පිරිසකට රැකියා අවස්ථා අහිමිවන තත්ත්වයක් උදාවී ඇති බවත් මිහින් ලංකා සේවක සංගමයේ ලේකම් ප්‍රිමාලි කුමාරනායක මහත්මිය පවසයි.
ඇය මේ බව ප්‍රකාශ කළේ අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය මිහින් ලංකා ආයතනය පාඩු ලබමින් පැවති බව සත්‍යයක් වුවද, එකී පාඩුව අවම කරගනිමින් සිටින අවස්ථාවක එය ශ්‍රී ලංකන් ආයතනයට අනුබද්ධ කිරීමට රජය විසින් තීරණය කෙරුණු බව ඇය සිහිපත් කළාය.
එහෙත් එහිදී සේවකයින්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් අවධානයක් යොමු කොට නැති බවත් සියලුම සේවකයින් ශ්‍රී ලංකන් එයාර් ආයතනයට බඳවා ගැනීම කළ නොහැකිනම් ඉවත් කරන සේවකයින්ට නිසි වන්දියක් ලබාදීමට ක්‍රියා කළ යුතුව ඇති බවත් ඇය මෙහිදී අවධාරණය කර සිටියේය.
මේ පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කළද මෙතෙක් නිසි විසඳුමක් නොලැබුණු බව ද ඇය වැඩිදුරටත් කියාසිටියාය.
COMMENTS