පාර්ලිමේන්තුව තුළ ඇති සභා පාලනය ඉන් පිටත ආයතනවල නැති බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රක...
පාර්ලිමේන්තුව තුළ ඇති සභා පාලනය ඉන් පිටත ආයතනවල නැති බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ, " පාර්ලිමේන්තුවෙන් එහා ආයතනවල සභා පාලනයක් නැති බව පේනවා. අපි බොහෝම පීඩනයට පත්වුණු ජනතාවක් හැටියට පොළොන්නරුවෙ එක්සත් ජාතික පාක්ෂිකයෝ අද ජීවත් වෙන්නේ. නමුත් තමුන්නාන්සේලා ආණ්ඩුවක් හදලත් මම දන්නවා මගේ මහජන දිනයට එන ප්‍රශ්න. ඔවුන්ගේ අසරණකම, මට කියනකොට මට මගේ අසරණකම ඔවුන්ට කියන්න බැරි තත්ත්වයකට ඇවිදින්. ඒ හින්දා පක්ෂ මහලේකම්තුමනි, අද දවස ඔබතුමා දන්නවා මේ දිස්ත්‍රික්කයට ලොකු අසාරධාරණකමක් වෙලා තියෙනවා. කැබිනට් ඇමැතිවරයෙකුත් නෑ. මම කියන්නේ නෑ ඒක මට දෙන්න කියලා. මට මගේ තනතුරෙන් ඕනේ වෙලාවක අයින් වෙන්න ලෑස්තියි. මේ දිස්ත්‍රික්කයට සුදුසු අමාත්‍යවරයෙක් ලබලා දෙන්න. මේ දිස්ත්‍රික්කයේ අහිංසක මිනිසුන්ට වැඩ කරන්න." ලෙසයි.
COMMENTS