යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ර...
යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ මරණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරීන් පස් දෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මියගිය සිසුන් දෙදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ද මේ වන විට සිදුකෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊයේ මධ්‍යම රාත්‍රීයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියගොස් තිබුණි.
මෙම සිසුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්වී මියගිය බව මීට පෙර සඳහන්ව තිබුණි.
COMMENTS