ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රවර්ධන වැඩපිළිවෙළ අද (03) මහරගම නගරයෙන් ආරම්භ කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්...
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රවර්ධන වැඩපිළිවෙළ අද (03) මහරගම නගරයෙන් ආරම්භ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප නායකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මේවන විට මහරගම නගරයේදී ආරම්භ කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පසුගිය 31 වැනිදා රාත්‍රී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පක්ෂයේ නව ප්‍රවර්ධන වැඩපිළිවෙළ ඇරඹීමට තීරණය ගෙන තිබිණි.
මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව පක්ෂය සදහා මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
පසුගිය බ‍්‍රහස්පතින්දා නව පක්ෂය මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය සදහා ඉදිරිපත් කොට ඇති අතර අදාල පක්ෂය ලියාපදිංචි පක්ෂයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමිසම මගින් නෙලූම් මාවත මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි වාර්තාවේ.
ඒ අනූව නව පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසත් එහි ලකුණ නෙලූම් පොහොට්ටුව ලෙසත් ලියාපදිංචි කොට තිබේ.
එහි සභාපති ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නම් කර ඇති අතර එහි ලිපිය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර තිබේ.
පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් පැවැති 'අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ' නම සංශෝධනයට ලක්කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ බිහිකර තිබේ.
COMMENTS