බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි දින කිහිපය තුළදී මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැ...
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි දින කිහිපය තුළදී මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට තද වැසි සමඟ තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට අද (18) පෙරවරුවේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව සදහන්ය.
මේ අතර, මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා කියා සිටියේය.
COMMENTS