මුදල් ඇමැති රවි කරුණානායක මහතා සහ බස් ගැමුණු අතර 'ඩීල් එකක්' තිබෙන නිසා බස්, ත්‍රිරෝද සහ යතුරුපැදි හිමියන්ට පනවන දඩ සහ බදු ගැන ...
මුදල් ඇමැති රවි කරුණානායක මහතා සහ බස් ගැමුණු අතර 'ඩීල් එකක්' තිබෙන නිසා බස්, ත්‍රිරෝද සහ යතුරුපැදි හිමියන්ට පනවන දඩ සහ බදු ගැන බස් ගැමුණු ඉදිරිපත් වන්නේ නැතැයි සිවිල් සංවිධාන රැසක නියෝජිත පිරිසක් පවසති.
රජය පනවන නව නීති රීති සහ බදු පැනවීමෙන් පෞද්ගලික බස් හිමියන් මෙන්ම ත්‍රිරෝද රථ සහ යතුරුපැදිකරුවන් බරපතළ ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටින බව අස්‌ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට පැමිණි සිවිල් සංවිධාන නියෝජිතවරු මාධ්‍යයට ප්‍රකාශ කළහ.
බස් ගැමුණු සහ මුදල් ඇමැති අතර පවතින "ඩීල් එක" නිසා ත්‍රිරෝද රථ හිමියන් සහ යතුරුපැදිකරුවන්ට මුහුණ පෑමට සිදු වී තිබෙන දුෂ්කරතාවන් මඟ හැරීම සඳහා මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ මැදිහත්වීම අයැද සිටීමට පැමිණි බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංවිධානය වෙනුවෙන් අදහස් දැක්‌වූ සුනිල් ජයවීර මහතා පැවසී ය.
ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාද විවිධ පුද්ගලයන්ගෙන් සිදු වී තිබෙන වංචා දූෂණ වසා ගැනීම සඳහා මුදල් ඇමැතිවරයා සහ බස් ගැමුණුද සමඟ ඒකාබද්ධ වී කටයුතු කරන බවද ඔහු පෙන්වා දුන්නේය.
COMMENTS