මෙයට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ද වෛද්‍ය කපිල ජයරත්න ...
මෙයට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ද වෛද්‍ය කපිල ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
නව නීතිය සම්මත වීමෙන් පසු මේ අනුව මව්වරුන්ට ඉහත කී සුවිශේෂී හේතු මත ගබ්සාව සඳහා නීතිමය අවසරය ලැබේ. මෙය මවගේ කැමැත්ත අනුව සිදුකළ යුත්තක් වන අතර, එම තීරණය ගත යුත්තේ ද ඇය විසිනි. නමුත් ඉන්පසු විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිර්දේශය ඒ සඳහා ලබාගත යුතු වන අතර ගබ්සාව සිදුකළ යුත්තේ රජයේ රෝහලකදී ය. වෛද්‍ය ආචාර්ය කපිල ජයරත්න මහතා ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් ගර්භනී සමයේ 20 වන සතියේදී දරුවා මාරක ජන්ම විකෘතිතා සහිත වේදැයි සොයාගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ඇති බවයි.
දැනට පවතින ලංකා නීතිය යටතේ කිසිදු තත්වයක් යටතේ දරු ගැබක් නැති කරගැනීම නීතිවිරෝධී අතර එය බරපතළ අපරාධ වරදක් වේ. මේ අනුව ස්ත්‍රී දූෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන දරු ගැබ මෙන්ම ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍ය ඉන්ද්‍රියයන් රහිත දරු ගැබ පවා මව විසින් දරාගෙන එම දරුවාට උපත ලබාදිය යුතුය. මේ නිසා යෝජිත නව නීතිය ප්‍රගතිගාමී එකක් බව විචාරකයෝ පෙන්වා දෙති.
මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි මහතා පැවසුවේ මෙම පනත් කෙටුම්පත මීට පෙර සම්මත නොවූයේ දේශපාලන, ආගමික, සංස්කෘතික සහ සමාජයීය පීඩනයන් හේතුවෙන් බවයි. “නමුත් මව්වරුන්ගේ විඳවීම අවසන් කිරීමට මේ නීතිය අත්‍යාවශ්‍යයි. හැම අම්මා කෙනෙකුටම වේදනාවෙන් සහ පීඩාවෙන් නිදහස් වීමට අයිතියක් තිබෙනවා” යැයි ද වෛද්‍ය රත්නසිරි මහතා ප්‍රකාශ කළේය.
-ඩේලි නිව්ස්
COMMENTS