දිවයිනට නැගෙනහිර දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලග...
දිවයිනට නැගෙනහිර දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එය මේවන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 450 ක් පමණ දුරින් පවතින බවයි.
එය ඉදිරි පැය 12 තුල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට බරව යාපනය අර්ධද්වීපය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එය හෙට (01) මධ්‍යම රාත්‍රියේ උතුරු තමිල්නාඩු ප්‍රදේශය හරහා ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු වේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 02 වැනිදා දක්වා උතුරු - නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් උතුරු සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවලත් විටින් විට තද වැදි සහ තද සුළං ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල දැනට පවතින ක්‍රියාකාරී වළාකුලු පද්ධතිය හේතුවෙන් එම මුහුුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා වු තද සුළං ද ඇති වීමට ඉඩ ඇති බවද සඳහන්ය.
එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.
COMMENTS