වයස අවුරුද්දක් පමණ වන ශ්‍රී ලාංකික දැරියක් සමඟ ඊශ්‍රාලයට පැමිණි කාන්තාවක් එරට ගුවන් තොටුපල බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ. 19 හැව...
වයස අවුරුද්දක් පමණ වන ශ්‍රී ලාංකික දැරියක් සමඟ ඊශ්‍රාලයට පැමිණි කාන්තාවක් එරට ගුවන් තොටුපල බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ.
19 හැවිරිදි ගාලිත් නකාශ් නම් මෙම කාන්තාව මෙරටින් පිටත්වීම සඳහා වෙනත් දරුවෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
එමෙන්ම, අදාළ දැරියගේ දෙමව්පියන් සම්බන්ධයෙන් ද මෙහිදී ඊශ්‍රායල බලධාරීන් එම කාන්තාවගෙන් ප්‍රශ්න කර තිබේ.
මෙම දැරියගේ නීත්‍යානුකූල මව අදාළ කාන්තාවමදැයි සහතික කර ගැනීම සඳහා ඩී. එන්. ඒ පරීක්ෂාවක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ඊශ්‍රායල තානාපති කාර්යාලය මගින් ළමා රක්ෂක අධිකාරිය ද දැනුවත් කර ඇති අතර එම අධිකාරියේ උසස් නිළධාරිනියක් කියාසිටියේ එ් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින බවයි.
COMMENTS