තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු අපරාධ අංශ ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා ලබන...
තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු අපරාධ අංශ ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා ලබන 24 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (10) නියෝග කළේය.
කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන අනුර සේනානායක අධිකරණයේ අවසරයකින් තොරව එවැනි වාට්ටුවකට පැමිණියේ කෙසේදැයි සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික රෝහල් අධ්‍යක්ෂකවරයාට නියෝග කළ අධිකරණය ඔහුගේ අසනීප තත්ත්වය සඳහා අවැසි ප්‍රතිකාර බන්ධනාගාර රෝහලේ ඇත්දැයි සොයා බලන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේය.
සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවීමට අවසර දෙන ලෙස අනුර සේනානායකගේ නීතිඥවරයා උසාවියෙන් අවසර ඉල්ලා සිටියද ඊට අවසර නොලැබිණි.
COMMENTS