මුහුණු ආවරණය කරගෙන රාත්‍රියේ වව්නියාවේ ව්‍යාපාරකයින්ගේ නිවෙස් වලට ඇතුලු වී නිවැසියන් මරණ බවට අත් බොම්බ හා පිහි කැති පෙන්වමින් තර්ජනය කොට ම...
මුහුණු ආවරණය කරගෙන රාත්‍රියේ වව්නියාවේ ව්‍යාපාරකයින්ගේ නිවෙස් වලට ඇතුලු වී නිවැසියන් මරණ බවට අත් බොම්බ හා පිහි කැති පෙන්වමින් තර්ජනය කොට මුදල් හා රන් භාණ්ඩ කොල්ල කන කල්ලියක් වව්නියාව කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ හා වව්නියාව කොට්ඨාශ නොවිසිඳුනු අපරාධ අංශයේ පොලිස් කණ්ඩායම් එක්ව පසුගිය 16 දා අත්අඩංගුවට ගෙන තිබේ.
වව්නියාව හා මන්නාරම ප්‍රදේශයන්හි අදාළ කොල්ල කල්ලිය විසින් රුපියල් ලක්ෂ 37 කට ආසන්න මුදල් රන් භාන්ඩ හා දේපල කොල්ල කා ඇති බවට මේ වන විට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අදාළ කොල්ල කල්ලියේ ප්‍රබල සාමාජිකයින් 04 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ රන් ආබරණ තොගයක් අත්බොම්බ 2 ක්, උල් පිහියක්, වක් පිහියක්, මන්නා පිහියක්, කැත්තක්, මුහුණු ආවරණය කිරීමට යොදාගත් රෙදි කැබලි 03 ක්, ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 04දෙනා අතර මාර්ග සංවර්ධන අධිකාරයේ ලිපිකරුවෙකු ද පැරණි ත්‍රිරෝද රථ මිලට ගන්නා අයෙක් ද , අනෙක් සැකකරු එලවළු වෙළෙන්ඳෙක් හා අවසන් සැකකරු මේසන් බාස් වරයෙක්ද වෙයි.
අදාළ කොල්ල කල්ලිය උතුරේ ක්‍රියාත්මක වූ අවා කල්ලියට සම්බන්ධ බවට සැක කෙරෙන නිසාවෙන් තවත් අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට වව්නියාව පොලීසිය පියවර ගෙන ඇත.
වව්නියාව හා මන්නාරම් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාගේ අධීක්ෂණයන් යටතේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අදාළ පොලිස් අංශයන්හි ස්ථානාධිපතිවරුන් හා එහි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම ආවා කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ද දියත් කොට තිබේ.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS