පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන තිරු බදු නිදහස් බලපත්‍රය උපයෝගි කර ගනිමින් රජයේ ප්‍රබලම අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට ගෙන්වූ නවිනතම සුපිර...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන තිරු බදු නිදහස් බලපත්‍රය උපයෝගි කර ගනිමින් රජයේ ප්‍රබලම අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට ගෙන්වූ නවිනතම සුපිරිම පැලැන්තියේ වාහනයක් නිසා රජයට අහිමිව ඇති බදු මුලද රුපියල් කෝටි තුනකට අධික බව වාර්තාවෙයි.
මර්සිඩීස් බෙන්ස් GLS 350 සුපිරි එස්.යූ.වි. මෝටර් රථයක් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.
අමෙරිකාවේ සිට ඔහු එම වාහනය ශ්‍රි ලංකාවට ආනයනය කර ඇති අතර එය පසුගිය 02දා ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවත් වාර්තා වේ.
අයවැයෙන් සාමාන්‍ය ජනතාව මිලට ගන්නා කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ නංවා ඇති අවස්ථාවක යහපාලන රජයේ ඇමතිවරුන් රජයට මිලියන ගණන් අලාභ කරමින් මෝටර් රථ ගෙන්වමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
COMMENTS