ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම සිකුරාදා (16) ඉවත් කරන බව විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බීබීසී සිංහල සේවයට ...
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම සිකුරාදා (16) ඉවත් කරන බව විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බීබීසී සිංහල සේවයට පවසා ඇත.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ජාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ඇති අතර එහිදී අදාළ එකඟතාවයට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළ කිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර ඒ සඳහා මේ වන විටත් එකඟතාව පළ කර ඇති අතර එම සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා මෙරටට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS