ඇඟේ කෑලි කපා ප්‍රසිද්ධියේ ඇදගෙන ගොස් නූරිවත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ හිටපු ප්‍රාදේශීය සභාපති 'අත කොටා' ඇතුලු 18 ...
ඇඟේ කෑලි කපා ප්‍රසිද්ධියේ ඇදගෙන ගොස්
නූරිවත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ
හිටපු ප්‍රාදේශීය සභාපති
'අත කොටා' ඇතුලු 18 කට මරණ දඬුවම්
රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ 2013 වසරේ දැරණියගල නුරි වත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති අනිල් චම්පික විජේසිංහ (අතකොටා ) ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.
වසර 3 ක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම්.ඩී.එස්. අබේරත්න විනිසුරුවරිය මේ තීන්දුව ප්‍රකාශයට පත් කළා.
මේ සඳහා සැකපිට 21 දෙනෙකු අල්ලාගෙන තිබූ අතර විත්තිකරුවන් 18 දෙනෙකුට එරෙහිව නැගූ අධි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව අද තීන්දු විය.
2013 ජූලි මස 5 වන දා දැරණියගල නුරි වත්තේ වතු අධිකාරීවරයා වූ නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා ගෙන් පලිගන්නට සිතූ මෙම කණ්ඩායම ඔහු අල්ලාගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස් අවයව ඉවත්කොට,
කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඔහුව ම්ලේච්ඡ ලෙස ඝාතනය කර තිබුණි.
මෙම සිද්ධිය යම් යම් දේශපාලන සබඳතා නිසා ඒ කාලයේ යට ගිය එකකි.
මෙම ඝාතනය සිදු කර තිබුනේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වූ අනිල් චම්පික විජේසිංහ ඇතුළු පිරිසකි. ඔහුව ‘අතකොටා‘ යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වා තිබේ.
අතකොටා යනු නුරි වතුයායේම නුරිවත්තෙ මුරකාර රැකියාව කළ තැනැත්තෙකුගේ දරුවෙකි. පවුලේ අතකොටත් සමග දරුවන් හත් දෙනෙකි. ඔහුගේ අත අහිමි වන්නේ කුඩා කාලයේ සිදුවන අනතුරකිනි. මේ පවුලේ අය රස්‌සාවට කළේ කසිප්පු පෙරීමය.
අනිල් චම්පික විඡේසිංහ ප්‍රාදේශීය සභා ඡන්දයේදී ප්‍රදේශයේ ප්‍රධානම දේශපාලන බලවතාවූ මහීපාල හේරත්ගේ ඔහුගේ පුත්‍රයාගේ සමීප හිතවතෙක් වූ බව කියැවිණි.
පසුගිය රජය සමයේ තංගල්ලේදී හික්‌කඩුවේදී රත්නපුරේ කොටකෙතනදී සිදුවුණා සේ ප්‍රාදේශීය මැරයෙක් ලෙස අනිල් චම්පික මතුව සිටියේය.
දැරණියගල නුරි වත්තේ කසිප්පු විකිණීමේ ඒකාධිකාරිය අතකොටාට තිබුණ බවත් ඔහු ඉන් විශාල ආදායම් ඉපයූ බවවත් වාර්තා විය. අතකොටාගේ ඥාතීන්ගේ කඩ සාප්පු හැර නුරිවත්ත අවට වෙන අයට වෙළදාම් කිරීම තහනම් වූ බවත් වාර්තා විය.
ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක් ලෙස ඇමරිකානු වොල්ටර් බේ ජාත්‍යන්තර වැවිලි සමාගම විසින් කළමනාකරණය කරන ලද මෙම වතුයායේ ජීවත් වුයේ දුප්පත් මිනිස්‌සුය. මේ මිනිස්‌සුන්ගෙන් කොටසක් දෙමළය. වතුලැයින් වල ජීවත් වූ දෙමළ මිනිස්‌සුය. කොටසක් සිංහලය. එදා වේල හොයා ගන්නා අසරණයින්ය.
ලැයිමක ඇහැට පෙනෙනා කාන්තාවක් හෝ දැරිවියක් වේ නම්, එම තැනැත්තිය අතකොටාගේ සිත් ගත්තේ නම් ඇය ඔහුගේ අනිවාර්ය ගොදුරක් වූවාය. මේ ස්‌ත්‍රී දුෂණ බොහෝවිට සිදුවූයේ බිලගම බටකැලේ ප්‍රදේශයේ හා අත්හැර දමා තිබූ බස්‌නාල ඩිස්‌පෙන්සරිය තුළ බවටද වාර්තා පළවිය.
වැඩිවියට පත් දැරියක් දෙමව්පියන් නිවසින් පිටතට ඇද දමා නිවස තුළදී දූෂණය කළ සිද්ධියක්ද වාර්තා විය. තවත් අවස්‌ථාවක දැරණියගල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරි‍්ක්ද
ව්‍යාපාරිකයාට පහරදී එළියට ඇද දැමීමෙන් පසු දුෂණය කර තිබුණි.
එකල දැරණියගල තිබුණේ පොලීසියක් නොව, ගුබ්බෑයමකැයි විවේචන පළ විය. ප්‍රදේශයේ දේශපාලනයේ නින්දා සහගත බත්බැලයන් එහි සිටි අතර කිසිදු අසාධාරණකමක් ගැන සාධාරණය ඉටුවූයේ නැත.
මිනීමැරුම් ස්‌ත්‍රී දූෂණ යට ගැසූ ඔවුන් පැමිණිලි කරන්නට පැමිණි අය පොලීසියෙන් පලවා හැරිය අවස්ථා රාශියකි. පැමිණිල්ල දැමිමට පැමිණි පුද්ගලයන් පිළිබද තොරතුරු අපරාධකරුවන්ට දන්වා ප්‍රතිප්‍රහාර සූදානම් කරවා තත්වය දරුනු කර තිබුනේද එකල පොලිසියයි.
නූරිවත්ත වතුඅධිකාරවරයාගේ මරණය සිදුවන්නේ මෙම ප්‍රවාහයට එරෙහිවන්නට යාමෙනි.
මැරයින් ඔහුව කපා මරන්නේ ඉන් අනතුරුවය. එම මරණය සිදුකළ ම්ලේච්ඡ ආකාරය කිසිවෙකුට අදහාගත නොහැක්කකි. ඔහු අල්ලාගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස් අවයව ඉවත්කොට, කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කර මේ වගේ වැඩ කළොත් බලාගන්න යන අනතුරු හඟවීමද කර සතෙක් සිවුපාවෙක් ලෙස ඔහුව මරා දමා තිබුණි.
සිද්ධියෙන් පසුව දැරණියගල පොලිසියේ සියල්ලම මාරු කර යවා තිබුනි. අතකොටාත් ඔහුගේ ගෝල පන්තියත් අත්අඩංගුවට ගැනුනේ කලකට පසුය. අතකොටාගේ කසිප්පු ව්‍යාපාරය කරගෙන යන, ඔහුගේ සහෝදරියගේ පුතා වන මත්කුඩු චෝදනා සහිත අමිල, සහෝදරයෙක් වූ කරාටි ශාන්ත,කොණ්‌ඩ චමින්ද, රංගන, බේබි, සුද්දා ඇතුළු කල්ලිය විසින් මෙම අපරාධය සිදු කර තිබුණි.
මෙම ඝාතනයෙන් පසුවත් සුපුරුදු ලෙස එය යට ගසන්නට ඔහුට බලවත් හැකියාවක් තිබූ නමුත් වසර 3 ක ඇවෑමෙන් මෙවැනි අපරාධ කරුවන්ට දඩුවම් ලැබෙන වාතාවරණයක් අධිකරණයේ මතුවීම මත අතකොටා ඇතුලු 18 දෙනෙකුට මරණ දඬුවම නියම විය.
COMMENTS