බෙංගාලබොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අහස ...
බෙංගාලබොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පැවති කැළඹිලි තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අහස තවදුරටත් වළාකුලින් බරව පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන බව අද (03) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
නොවැම්බර් 07 වන දින දක්වා සමහර ස්ථානවලට (විශේෂයෙන් දකුණු, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වල) තද වැසි, (100mm ට වැඩි) බලාපොරොත්තු විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
COMMENTS