මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පිළිබඳ මතුව ඇති සංවාදය නිසා අද(25) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්ව...
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පිළිබඳ මතුව ඇති සංවාදය නිසා අද(25) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මෙම සතිය තුළ අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
එහිදී එම වාර්තාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළේය.
වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බවට සැක මතුවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළේය.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අසීරු කටයුත්තක නිරත වූ බවත් වාර්තාව ඉදිරිපත් වූ පසු ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකි බවත්ය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙන්ම සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර එම අවස්ථාවන්හිදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS