මහින්ද රාජපක්ෂ රජය සමයේ දී ජනපති කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ 50ක පාඩුවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී ජයන්ත සමරව...
මහින්ද රාජපක්ෂ රජය සමයේ දී ජනපති කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ 50ක පාඩුවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (24) නියෝග කළාය.
මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය බාරයේ තැබීමටද නියම කර තිබේ.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් එක් කෝටි පන් ලක්ෂයක පාඩුවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති විමල් වීරවංශගේ සොයුරු සරත් වීරවංශ මහතා නොවැම්බර් 7 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ද කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS