අද වනවිට මෙරට නීතිය වල්වැදී ඇති බවත් නීතිය පසිඳලන ආයතන සියල්ල දේශපාලනීකරණය වී අැති බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක...
අද වනවිට මෙරට නීතිය වල්වැදී ඇති බවත් නීතිය පසිඳලන ආයතන සියල්ල දේශපාලනීකරණය වී අැති බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වසර 15කට පෙර සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (25) මීගමුව බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදීය.
එහිදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා කියාසිටියේ, " නීතිය වල්වැදිලා. කැලෑවට ගිහිල්ලා තියෙන්නේ. ඒක මම විතරක් නෙවෙයි රටේ ජනාධිපතිවරයාත් කියනවා. එෆ්.සී.අයි.ඩී එක, සී.අයි.ඩී. එක, අල්ලස් කොමසාරිස් දේශපානීකරණය වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයා නිවැරදියි එතනදී. පරක්කු වෙලා හරි මේක තේරුණු එක ලොකු දෙයක්. " ලෙසයි.
ඉදිරියේදී මෙරට දේශපාලන තත්ත්වය වෙනස්විය යුතු බවත් ඒ මීට පෙර දේශපාලනය වෙනස් කළ ආකාරයටම බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.
වීඩියෝව පහතින්.
COMMENTS