ගෝ ඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බිහිකිරීමට නියමිත සන්ධානය සෑදී...
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බිහිකිරීමට නියමිත සන්ධානය සෑදීම සඳහා බාධාවක් නොවන බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.
ඉදිරි සාකච්ඡාවලදී ජනාධිපති අපේක්ෂකත්වය නැවත වෙනස් විය හැකි බවද ඔහු පවසයි.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර ඇති බවත් ඒ ආකාරයෙන්ම පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති බවත් පැවසූ ඔහු සන්ධානයේ අවසන් සාකච්ඡාවලදී දෙපාර්ශ්වය විසින් එක් පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂක ලෙස පත් කරනු ඇති බවද කියා සිටියේය.
ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපෙක්‍ෂක ලෙස පොදුජන පෙරමුණ විසින් නම් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS