ඇමැති බොරු පොරොන්දු දුන්නා යැයි ජනාධිපතිවරයාට කාන්තාවක් ඊයේ (19) පානීය ජල ව්‍යාපෘතියක් අවසානයේ පැමිණිලි කළාය. නගර සැලසුම් හා ජලසම්පාදන ...
ඇමැති බොරු පොරොන්දු දුන්නා යැයි ජනාධිපතිවරයාට කාන්තාවක් ඊයේ (19) පානීය ජල ව්‍යාපෘතියක් අවසානයේ පැමිණිලි කළාය.
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශ යේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය ක්‍රියාවට නැංවූ මහියංගණ හා රිදීමාලියද්ද පානීය ජල යෝජනා ක්‍රමය නගර සැළසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාගේ හා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ආරාධනයෙන් ඊයේ (19) දින උදෑසන 9.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුණි.
එහිදී පැවැති ජනහමුව අවසානයේදී ජනාධිපති ජනතාව අතරට ගිය විට කාන්තාවක ඇගේ දුක ජනාධිපති හමුවේ ඉදිරිපත් කර ලක්‍ෂ්මන් සෙනෙවිරත්න ඇමැතිවරයා එම සමීපයට යෑමත් සමඟ එම කාන්තාව එක්‌වරම ඇමැතිවරයාට චෝදනා කරන්නට වූවාය.
"මෙයා නම් ගෙවල් හදලා දෙනවා කියලා පොරොන්දු වුණා. ඊට පස්‌සේ පැත්ත පළාතෙවත් ආවේ නෑ යෑයි කාන්තාව චෝදනා කළේය.
එවිට ජනාධිපති හා රැස්‌ව සිටි පිරිස උස්‌හඬින් හයියෙන් සිනාසුණහ. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න ඇමැතිවරයා මඳකට ඉවත්ව ගියේය. ඉන් අනතුරුව ජනාධිපති "ඇත්ත කියන්න එපැයි" යෑයි පවසා එක්‌සත් ජාතික පක්‍ෂ මහියංගන ආසන සංවිධායක උපාලි සේනාරත්න මහතාට කතාකර එම ගැටලුව විසඳන ලෙස බාර කරන ලදී.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS