ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ කියා දෙකක් නැති බවත් එම පක්‍ෂ දෙකම එකතු වී එහි නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා ගත යුතු බවත් අමාත්‍ය ව...
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය දැන් අවලංගු කාසියක් බවත් ඇයට කළ හැකි දෙයක් නැති බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ජනපතිනිය දැන් සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂය සමග නිසා ආණ්ඩුවට ඇයගෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැති බවත් ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ඇඹිලිපිටියේ දී පැවති ජන හමුවක් අමතමිනි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරියේ දී සුදුසුකම් අනුව කුමක් හෝ තනතුරක් ලබා දෙනු ඇතැයි ද ඔහු එහිදී තව දුරටත් සඳහන් කළේය.
COMMENTS