වසර ගණනාවක් තිස්සේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය ඉදිරි මාස කිහිපය ඇතුළත පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව බොහෝ දුරට එය ලබන ජනවාරි ම...
ඒ අනුව බොහෝ දුරට එය ලබන ජනවාරි මාසයේ දී පමණ පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.
එම මැතිවරණය මෙම වසරේම පැවැත්වීමට රජය බලාපොරොත්තු වුවද අය වැය ඉදිරිපත් කිරීමට මෙන්ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වීමට තිබෙන නිසා එය ලබන වසර මුල දක්වා මුල දී පැවැත්වීමට අවධානය යොමු වී තිබුණා.
එමෙන්ම මෙම මැතිවරණය මෙයට පෙර පැවැත්වූ දිස්ත්‍රික් මනාප ක්‍රමය යටතේ පැවැත්වෙනු ඇති අතර ඒ සදහා මැතිවරණ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා.
මේ අතර දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තරග කිරීමට මාතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස පරාජය වූ නිරෝෂන් ප්‍රේමරත්න නම් කරනු ඇති බවට වාර්තා පළ වනවා.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වූ පද්ම උදය ශාන්ත නම් කිරීමේ සුදානමක් ද පවතින බවත් වාර්තා වෙනවා.
එහෙත් ඔවුන් දෙදෙනාම නියෝජනය කරන්නේ ඇමති විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ බැවින් ඊට එරෙහිව දැඩි විරෝධයක්ද මතුව ඇති බවයි පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
COMMENTS