ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අභිනවයෙන් ඉදිකරන අංග සම්පූර්ණ නව පිලිකා ඒකකය වෙනුවෙන් රුපියල් මිලියන 750ක මුදල් එක් රැස් කිරීම වෙනුවෙන් පේදු...
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අභිනවයෙන් ඉදිකරන අංග සම්පූර්ණ නව පිලිකා ඒකකය වෙනුවෙන් රුපියල් මිලියන 750ක මුදල් එක් රැස් කිරීම වෙනුවෙන් පේදුරුතුඩුවෙන් ආරම්භ කළ TrailSL පාගමන ඊයේ (31) දක්ෂිණ අධිවේගි මාර්ගයේ දෙවට පිවිසුමෙන් ආරම්භ විය.
මෙම පාගමන සදහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ද එක්විය.
පා ගමන සදහා ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, ලසිත් මාලිංග සහ සුරාජ් රන්දිව් යන ක්‍රිඩකයින් ද එක්ව සිටියහ.
මෙම පාගමන පසුගිය ඔක්තෝබර් මස 06 දින පේදුරුතුඩුවෙන් ආරම්භ වූ අතර එය ලබන 02 වැනි දින දෙවුන්දර තුඩුවට ළඟාවීමට නියමිතය.
ඡායාරූප පහතින්.
ගාල්ල- ලලිත් චාමින්ද
COMMENTS