දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදේශ රටක් මුස්ලිම් ඇමතිවරුන් අල්ලේ නටවයි !
Homeප්‍රවෘත්ති

විදේශ රටක් මුස්ලිම් ඇමතිවරුන් අල්ලේ නටවයි !

PropellerAds

පි විතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලේය. විදේශීය බලපෑම් පිළිබඳ කතා කිරීමට...

2018 අයවැය සමග “හරිත ත්‍රිරෝද” යුගයට පිවිසෙමු.
ඉතින් මොකටද පොලිස් කොමිසම ?
සයිටම් ජයග්‍රහණයේ විභවීය අවකාශය කාටද?
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලේය.

විදේශීය බලපෑම් පිළිබඳ කතා කිරීමට හොඳම ආරම්භයක් ලෙස මා කල්පනා කරන්නේ පසුගිය සදුදා ආණ්ඩුවේ සිටි සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉවත් වීමේ සිද්ධිය යි. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මෙරට කිසිවෙක් මුස්ලිම් ජනතාව වෙත ඇඟිල්ල දිගු කළේ නැහැ.
මුස්ලිම් ජනතාව දෙස වෛරයෙන් බැලුවද නැහැ. ත්‍රස්තවාදීන්ටද නීතිය ක්‍රියාත්මක කරන්න. ජාති ආගම් භේදයකින් තොරව සමස්ත ජාතියේම ඉල්ලීම වූයේ එයයි.

නමුත් අපි දැක්කා විමර්ශන වලට බලපෑම් එල්ල වන බවට මාධ්‍යවලින් තොරතුරු හෙළි වෙනවා. දේශපාලකයන් ත්‍රස්තවාදීන් රකිනවා පෝෂණය කරනවා යැයි චෝදනා එල්ල වුණා. සිංහල සමාජය දෙමළ සමාජය තුළ වෛරයක් ඇති වෙන්න ගත්තා. සාමාන්‍ය මුස්ලිම් ජනතාව දෙසත් සැකයෙන් බලන්නට ගත්තා. මුස්ලිම් කඩ වර්ජනය කළ යුතු යැයි මත ඇති වුණා. අපිට එදා අවශ්‍ය වුණේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව වෙත එල්ල වන මේ සැකය හා වෛරය අන්තවාදීන් වෙත යොමු කරලා සාමාන්‍ය මුස්ලිම් ජනතාව සහ අන්තවාදීන් රේඛාවකින් වෙන්කරන්නට.

මේ පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරු විසි එක් දෙනෙක් සිටියා. අමාත්‍යවරුන් නව දෙනෙක් සිටියා. නමුත් අපි ඉලක්ක කළේ එකම එක අමාත්‍යවරයෙක් විතරයි. ඔහුටත් අපි හැඟීම්බර චෝදනාවලින් දමල ගැහුවෙ නැහැ. දින වකවානු නම් ගම් සහිත නිශ්චිත චෝදනා තමයි ඔහුටත් ඉදිරිපත් කළේ. එම චෝදනා ඉදිරිපත් කරලා අප විශ්වාසභංගයේ අවසානයට කියන්නේ රිශාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ඇමතිධූරය දැරීම ත්‍රස්ත විමර්ශන කටයුතු වලට බාධාවක් ලෙස පෙනී යන බැවින් එම විමර්ශන වලට බාධාවක් නොවීමට අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවයි. ඔහු ඇමතිධුරයෙන් ඉවත් වූවා නම් හොඳයි. ඉවත් නොවුණු නිසා ඉවත් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කළා. මැයි 16 අප ඉදිරිපත් කළ එම විශ්වාස භංග යෝජනාවට අපට දින ලබා දුන්නේ ජුනි මාසයේ 18 සහ 19 යන දිනවල විවාද කිරීමටයි.

ඒ අතර තේරීම් කාරක සභාවක් පත් කරලා රිෂාඩ් බදුර්දීන් අමාත්‍යතුමා සුද්ද කිරීමේ කාර්යයකට ආණ්ඩුව පෙළඹුණා. මේ ගරු පාර්ලිමේන්තු ඉතිහාසය පුරා විශ්වාසභංග විසිපහක් විවාදයට අරගෙන තියෙනවා. ඒ කිසිවක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොමු කර නැහැ. යම් මන්ත්‍රිවරයෙක් වැරදිකරුද නිවැරදිකරුද යැයි තීරණය කිරීමට තේරීම් කාරක සභාවට බැහැ. මැති ඇමතිවරුන්ට එරෙහිව චෝදනා නැගෙනවා නම් ඒවා විමර්ශනය කළ යුත්තේ පොලිසිය මිස තේරීම් කාරක සභා නොවෙයි. අමාත්‍යවරයෙකුට එරෙහිව චෝදනා අභිචෝදනා ගොනු කළ යුත්තේ නීතිපතිවරයා මිස තේරීම් කාරක සභාවක් නොවේ. ඒ අමාත්‍යවරයා වැරදිකරුද නිවැරදිකරුද යන අවසන් නිගමනය ලබාදිය යුත්තේ ගරු අධිකරණය මිස තේරීම් කාරක සභාව නොවේ.

ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව මාසයක් පැත්තට තල්ලු කර දමලා තේරීම් කාරක සභාව කුණු හෝදන ලොන්ඩරියක් කරලා රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා ශුද්ධ පවිත්‍ර කිරීමේ වගකීම බාර ගැනීමෙන් සමාජය තුළ විශාල කෝපයක් ඇති වුණා. සමාජය පුරාම විරෝධතා මතු වුණා. එහි උච්චස්ථානය තමයි අතුරලියේ රතන හාමුදුරුවෝ මාරාන්තික උපවාසයකට එළඹීම. එම උපවාසය ඇරඹුණාට පස්සේ සහෝදර මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් ලැබිය යුතු උපදෙස වී තිබුණේ “ඔබ අමාත්‍යධූරයෙන් ඉවත්වෙන්න. මෙවැනි අවස්ථාවල අනෙකුත් අමාත්‍යවරුන් කළා මෙන් අමාත්‍ය ධුරයෙන් ඉවත්වී චෝදනාවලට මුහුණ දීලා නම පිරිසුදු කරගෙන ඇවිත් අමාත්‍ය ධූරය බාරගන්න.” එහෙම උපදෙසක් දෙනවා වෙනුවට අනෙක් අමාත්‍යවරුන් කළේ සියලු දෙනාම එකට එකතු වී ඉල්ලා අස්වීමයි. එම ඉල්ලා අස්වීම හරහා මේ රටට ලෝකයට ඔවුන් ලබාදුන් පණිවුඩය තමයි මොන තරම් වරදක් කර තිබුණත් අපේ එකෙකුට ඇඟිල්ලක් දිගු කිරීම තහනම්. අපේ එකෙකුට චෝදනා එල්ල කළහොත් ඔහු කෙතරම් ලොකු වරදක් කර තිබුණත් කොන්දේසි විරහිතව අප ඔහුව රැක ගන්නවා කියන පණිවිඩයයි මුස්ලිම් අමාත්‍යවරුන් ලබාදුන්නේ. මෙම ක්‍රියාවෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව හා අන්තවාදීන් වෙන් කරමින් අප විසින් ඇඳි බෙදුම් රේඛාව ඔවුන් විසින් මකා දමා තිබෙනවා. අපි ඔක්කොම එකයි කියන පණිවිඩය සමාජයට ලබා දෙමින් තියෙනවා.

මේ අමාත්‍යවරුන් සියලු දෙනා එකට ඉල්ලා අස්වීමෙන් මුස්ලිම් කඩ වර්ජනය නතර වේවි ද නැත්නම් ඉහළ යාවිද. මුස්ලිම් සමාජය දෙස සැකයෙන් වෛරයෙන් බලන ආකල්ප නතර වේවිද එහෙම නැත්නම් වැඩි වේවිද. මේ ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් මෙම ප්‍රශ්න පිළිබඳ තමන්ගේ අවධානය නැවත වතාවක් යොමු කිරීම වැදගත් කියලා අප හිතනවා.

විශේෂයෙන්ම කබීර් හෂීම් අමාත්‍යවරයා වගේ සිංහල දෙමළ ඡන්ද වලින් පත්වෙච්ච අමාත්‍යවරයෙක් සිංහල දෙමළ ජනතාව විශාල වශයෙන් මිය ගිය පාස්කු ප්‍රහාරය පිලිබද චෝදනා එල්ල වූ අමාත්‍යවරයෙක් රැකීමට ඉදිරිපත් වෙලා. මේක එතුමන්ලා ගත්ත තීරණයක් නොවෙයි. මෙය යම් විදේශීය බලපෑමකින් ගත්ත තීන්දුවක් කියන සාධාරණ සැකය අපට තියෙනවා. අපේ මුස්ලිම් අමාත්‍යවරුන් අල්ලේ නටවන විදේශීය බලවේග කුමක්දැයි කියන ප්‍රශ්නයට තොරතුරු සොයාගැනීම අපේ බුද්ධි අංශ වලට බාර වෙනවා.

ලක් මවගේ ගෙල සිර කරන සෝෆා ගිවිසුම

ඇමරිකාවෙන් අපේ රටට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අප දිගින් දිගටම කතා කළා. heritage foundation ආයතනය විසින් මාර්තු 14 වන දින ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ ඉතා පැහැදිලිව ඔවුන් සදහන් කරනවා මේ ආණ්ඩුව පෙරලෙන්නයි යන්නේ. ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගණනාවක් තියෙනවා. පසුගිය වසර හතර තුල ඇමෙරිකාව දිනාගත් ජයග්‍රහණ තහවුරු කිරීමට පියවර ගැනීම ඉන්න එකක්. ඇමරිකාව මේ රටේ ලබාගත් ජයග්‍රහණ මොනවාදැයි කියා දන්නේ ඔය පර්යේෂණ පත්‍රිකා ලියන ඇමරිකාවේ උදවියයි ලංකාවේ සිටින ඇමරිකානු ඉත්තන් සහ ගැත්තන් පමණයි. මේ පාර්ලිමේන්තුව දන්නේ නැහැ දැන් ඇමරිකාව තහවුරු කරගන්න හදන ඔවුන් ලබාගත් ජයග්‍රහණ මොනවද කියලා.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වැදගත් ආරක්ෂක ගිවිසුම් දෙකක් ගැන හෙළි කරලා තියෙනවා. එකක් ඇක්සා ගිවිසුම. අනික සෝෆා ගිවිසුම. ඇක්සා ගිවිසුම ඇමරිකානු යුධ නැව් සහ ගුවන්යානා සඳහා සේවා පහසුකම් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීම සඳහා පවතින්නක්. මෙය බොහොම පරණ ගිවිසුමක්. චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ ද මෙම ගිවිසුම අත්සන් කළා. මේ ආණ්ඩුව නිතර කියනවා වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ කාලෙත් අත්සන් කළා. අස්සන් කළා විතරක් නොවෙයි එය ප්‍රසිද්ධ කළා. එදා ඒ ගිවිසුමට තිබුණේ පිටු හතයි. නමුත් තමුන්නාන්සේලා අත්සන් කරපු පිටු අසූ හතරක් වෙච්ච ඒ දැවැන්ත ගිවිසුමේ තියෙන්නේ මොනවාද කියලා අප දන්නේ නැහැ. ඔය ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටින මැති ඇමතිවරු දන්නෙත් නැහැ. අප විපක්ෂයේ නිසා කමක් නැහැ කියමු.ආණ්ඩුපක්ෂයේ ඉන්න කවුරුහරි මැති ඇමතිවරයෙකුට මම කියනවා කරුණාකරලා නැගිටලා කියන්න මොනවද මේ ගිවිසුමේ පිටු අසූ හතරක් පුරා තියෙන්නෙ කියලා. නමුත් දන්නේ නැහැ. ඇමරිකානු ඉත්තන්ට විතරයි ඕවා දැනගන්න පුළුවන්. නමුත් සමස්ථ ජාතියම නොදන්නා වූ කාල සීමාවකට මේ ගිවිසුමෙන් බැඳිලා තියෙනවා.


සෝෆා ගිවිසුම ඊටත් වඩා භයානකයි. ජනමාධ්‍ය වලින් හෙළි කර ඇති කරුණු අනුව අමෙරිකානු සොල්දාදුවන්ට සිය නිළ ඇඳුමින් සැරසී අවි දරා ලංකාවේ ඕනෑම තැනකට යෑමට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවට ්පැමිණෙන අමෙරිකානු සොල්දාදුවන්ට තානාපති මුක්තිය ද හිමිවෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් ඇමරිකානු සොල්දාදුවෙක් ගමකට පැනලා වෙඩි තියලා ජනසංහාරයක් කළත් ඔහුට එරෙහිව වෙඩි තබන්න නීතිය ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා හමුදාවට කිසිම අවසරයක් නැහැ.මේ ආණ්ඩුව මෙවැනි ගිවිසුම්වලට එළැඹෙන්නට හදන්නේ පාර්ලිමේන්තුව අඳුරේ තබලා ද. අමාත්‍ය මණ්ඩලය අඳුරේ තබලා ද.

ඒ නිසා මේ ආණ්ඩුව අත්සන් කරන ලද ඇක්සා ගිවිසුම මෙම පාර්ලිමේන්තුව හමුවේ තබන අතරම ලංකා මවගේ ගෙල සිර කරන සෝෆා ගිවිසුම අස්සන් කිරීමට පෙරාතුව මෙම පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කළ යුතු බව අප යෝජනා කරනවා.

ඒ වගේම අද අප රටේ තිබෙන මරමස්ථානය එක එක නොරටුන්ට ලබා දෙමින් තියෙනවා. බාර් වහනවා කිව්වහම බේබද්දා බොන වේගෙන් තමයි මේ ආණ්ඩුව දැන් වැඩ කරන්නේ. ඔවුන් දන්නවා ඔවුන්ගේ ආණ්ඩුවේ ආයු කාලය තව මාස හතරක් පමණ වෙනවා කියලා. ඒ නිසා ඉතාම වේගයෙන් රට විකිනීමේ ගිවිසුම් ටික අත්සන් කරනවා. හම්බන්තොට වරාය වඩාත් නිවැරදිව කියනවා නම් අවුරුදු එකසිය අනූ අටකට චීනයට ලබා දුන්නා. ත්‍රීකුණාමලේ වරාය ඇමරිකාවටද යම් බලයක් ලැබෙන සේ ඉන්දියාවට ලබා දෙනවා. කොළඹ වරාය ජපානයට සහ ඉන්දියාවට ලබා දෙනවා. මත්තල ගුවන්තොටුපල, මඩකලපුව ගුවන් තොටුපළ සහ පලාලි ගුවන්තොටුපළ ඉන්දියාවට දෙනවා.ගාල්ල වරාය කන්කසන්තුරේ වරාය ත්‍රීකුණාමල වරාය
කොළඹ වරායට අමතරව ඉන්දියාවට දෙනවා. අපේ ආර්ථික මධ්‍යස්ථාන ස්වාභාවික සම්පත් මේ අයුරින් දීර්ඝකාලීනව නොරටුන්ට බදු දුන් විට අපට මොනවාද ඉතුරු වෙන්නේ.

අවුරුදු පහකට බලයට ආපු ආණ්ඩුවට අවුරුදු 99 කට නැතිනම් අවුරුදු 35කට රටේ සම්පත් බඳු දෙන්නට කවුරුන්ද බලය දුන්නේ. මේක හරියට අවුරුදු පහකට ගෙයක් කුලියට ගත් මනුස්සයා ඒ ගෙදර තියෙන කාමර වත්තේ තියෙන ගස් අනුනම වසරකට තවත් කෙනෙකුට බදු දෙනවා වගේ වැඩක්. අපේ ගෙදර අවුරුදු පහකට බදු ගත් පුද්ගලයා එය තවත් කෙනෙකුට අනුනව අවුරුද්දකට බදු දෙනවා කියලා දැන ගත්තහම අප මොකද කරන්නේ. වහාම ඒ ගෙදරට ගිහිල්ලා බද්දට ගත්ත මනුස්සයාගේ කනෙන් අල්ලලා එලියට ඇදලා දාන්නෙ නැද්ද. අන්න ඒ දේ මේ ආණ්ඩුවටත් කරන්න ජනතාව දතකට මැදගෙන බලා ඉන්නවා කියන පණිවුඩය අපි දෙන්න කැමතියි.

එබැවින් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් ගෙන ආ යුතුයි ආණ්ඩුව සිය ධූර කාලය වන වසර පහ ඉක්මවා විදේශ රටක් හෝ ආයතනයක් සමග ගිවිසුමකට එළඹෙනවා නම් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත විය යුතුයි කියලා. එසේ නොවී ඇතිකරගන්නා මෙවැනි ගිවිසුම් වලින් සමස්ත ජාතියම කැමති වුණත් අකැමැති වුණත් බැඳෙනවා. එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් නොමැතිව අපට මෙවැනි විනාශයන් නතර කර ගන්නට බැහැ.


ඒ නිසා අප මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඔබ මේ කරන දේවල් ජාතියේ අනාගතය වෙනුවෙන් කරනවා යැයි සිතනවා නම් ජනතාව අනුමත කරාවි යැයි සිතනවා නම් තමුන්නාන්සේලා පොඩ්ඩක් ඉවසලා ඉඳලා තමුන්නාන්සේලාගේ මෙරට විකුණන ප්‍රතිපත්තිය ඊලග ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන්න.ඒක ජනතාව අනුමත කලොත්ත මුන්නාන්සේලාට ශුද්ධ වූ අයිතියක් ලැබෙනවා මේ කරගෙන යන විනාශය තව දුරටත් කරගෙන යන්න. එතෙක් මේ විනාශය නතර කරන්නැයි අපේ රටේ ජනතාවගේ නාමයෙන් ඔබලාගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදේශ රටක් මුස්ලිම් ඇමතිවරුන් අල්ලේ නටවයි !
විදේශ රටක් මුස්ලිම් ඇමතිවරුන් අල්ලේ නටවයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhh3xZvksNGB2ZTqvJqks2bBDBb3VNXvhSpO4UqC_q7vCZaHVFv6yxhPVh0psCIipDjo6sbD6xgtuwWmdeLXwAoiwyr2XJ9KySlshuIziljZE206cfZik64WD5PdaDgbAvfLJjK7OVq-ROA/s320/musl.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhh3xZvksNGB2ZTqvJqks2bBDBb3VNXvhSpO4UqC_q7vCZaHVFv6yxhPVh0psCIipDjo6sbD6xgtuwWmdeLXwAoiwyr2XJ9KySlshuIziljZE206cfZik64WD5PdaDgbAvfLJjK7OVq-ROA/s72-c/musl.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_385.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_385.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy