ඉ න්ධන මිල සූත්‍රය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (10) මධ්‍යම රත්‍රියේ සිට රුපියල් ...
ඉන්ධන මිල සූත්‍රය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (10) මධ්‍යම රත්‍රියේ සිට රුපියල් තුනකින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 135 සිට රුපියල් 138 දක්වා ඉහල යාමට නියමිතය.
මිල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4න් 3කම මිළ මෙවර වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත.
කෙසේවුවද, මෙසේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල දමා ඇත්තේ ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල පහළ ගොස් තිබියදීය.
පසුගිය මාර්තු මස සිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිළ වැඩිවූවද, උත්සව සමය හේතුවෙන් පාරිභෝගික ජනතාවට සහන සළසනු වස් දේශීය වෙළඳ පොලේ ඉන්ධන මිල වැඩි කර නොකර තබා ගැනීම නිසා ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවූ බව රජය පවසයි.

COMMENTS