හින්දු බැතිමතුන්ගේ විශේෂම දිනය වූ දීපාවලිය මෙවර ශ්‍රී ලංකාවාසී හින්දු බැතිමතුන්ද අද (29) ඉමහත් බැති සිතින් සැමරීය. ජනාධිපති මෛත්‍රීපාල සි...
හින්දු බැතිමතුන්ගේ විශේෂම දිනය වූ දීපාවලිය මෙවර ශ්‍රී ලංකාවාසී හින්දු බැතිමතුන්ද අද (29) ඉමහත් බැති සිතින් සැමරීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජාතික දීපවාලි උත්සවය සැමරීම සිදුවිය.
ඒ නිමිත්තෙන් සියලූම හින්දු බැතිමතුන් වෙත ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සුබ පැතුම් මෙහිදී පිරිනැමිණි.
ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උත්සවය පැවැත්වුණු අතර විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර උතුරේ හින්දු බැතිමතුන් විසින් හිරු දෙවියන් වෙනුවෙන් සිදු කෙරන පූජාව ඇතුලු ආගමික වතාවත් අද උදෑසන සිදු කරනු ලැබීය.
හිරු දෙවියන්ට පහන් දැල්වීම නොහොත් අඳුර මකා ආලේකය ලැබීම, නරක පරදා හොඳ ජයග්‍රහනය කිරීම මෙන්ම සුර අසුර යුද්දයේදී අසුරයින් පරදා සුරයින් ජයග්‍රහනය කිරීම යනාදිය අදට යෙදී ඇති දීපාවලිය සැමරීම හින්දු බැතිමතුන් විසින් සිදු කරයි.
මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් වර්ෂාව ලැබී ගොවිතැන් කටයුතු සාර්ථක වේවායි යන බලාපොරොත්තුවෙන් හින්දු බැතිමතුන් විසින් දිපාවලි දිනයේදී හිරු දෙවියන්ට පුද පූජා පවත්වමින් ආගමික වතාවත් සිදු කරනු ලැබීය.
ඡායාරූප පහතින්.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS